ලෝක ප්රසිද්ධ එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලේ උසම තැනට අනවසරයෙන් නැගි රුසියානු ජාතික යුවළක් මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්වෙලා තියෙනවා. ඉවාන් බීකස් සහ ඇන්ජෙලා නිකොලාවු කියන මේ දෙන්නා නෙට්ෆ්ලික්ස් හි ‘ස්කයිවෝකර්ස්’ වාර්තා වැඩසටහන හරහා ප්රසිද්ධියට පත් වුණු අය. ඔවුන් කළු පැහැති ඇඳුමින් සැරසී ‘ආදරයේ බලය බලය කෙරෙහි ඇති ආදරය පරදවන විට ලෝකය සාමය දකිනු ඇත’ යනුවෙන් සඳහන් බැනරයක් ද රැගෙන ගොඩනැගිල්ලේ ඉහළම කොටසට නැග තිබෙනවා. එහිදී ඔවුන් විවාහ ගිවිස ගැනීමක් සිදු කර ඇති බවත් ඔවුන්ගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ පළ කර ඇති ඡායාරූපවලින් පැහැදිලි වෙනවා.
කෙසේ වෙතත්, මෙම සිදුවීම නෙට්ෆ්ලික්ස් සමාගමේ කිසිදු වැඩසටහනක් සඳහා සිදු කළ රූගත කිරීමක් නොවන බවයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් නෙට්ෆ්ලික්ස් ආයතනය හෝ නිව්යෝර්ක් පොලිසිය මෙතෙක් කිසිදු අදහස් දැක්වීමක් කරලා නැහැ. ලොව පුරා උස් ගොඩනැගිලිවලට අනවසරයෙන් නැගීම නිසා ප්රසිද්ධියට පත් වුණු මේ යුවළගේ මෙම ක්රියාව නිසා ප්රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. මේ වන විට ඔවුන් දෙදෙනාම පොලිස් භාරයේ පසුවන අතර, නීති විරෝධී ලෙස උස් ගොඩනැගිලිවලට නැගීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback