ප්රසිද්ධ නිරූපිකාවක් සහ නිළියක් වන එමිලි රටාජ්කොව්ස්කි තමන්ගේ අලුත්ම පොත වන ‘Mother F*cker’ වෙනුවෙන් මේ දිනවල ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. ඇය මේ පොත වෙනුවෙන් ප්රකාශන ආයතන 12ක් අතර ඇති වුණු දැඩි තරඟයකින් පස්සේ, පෙන්ගුයින් ප්රෙස් (Penguin Press) ආයතනය සමඟ මිලියන ගණනක ගිවිසුමකට අත්සන් තියන්න සමත් වෙලා තියෙනවා. ඇය මීට කලින් ලියපු ‘My Body’ පොතත් නිව්යෝර්ක් ටයිම්ස් හොඳම පොත් අතරට ඇවිත් තිබුණා. මේ අලුත් පොතෙන් ඇය උත්සාහ කරන්නේ නවීන කාන්තාවකගේ අනන්යතාවය ගැන කතා කරන්න. විශේෂයෙන්ම තනි මවක් විදිහට නිව්යෝර්ක් නගරයේ ජීවත් වෙමින් ආදර සම්බන්ධතා පවත්වන්න ඇය දරන උත්සාහය ගැන මේ පොතේ ලස්සනට විස්තර කරලා තියෙනවා.
එමිලි මේ දවස්වල පොත් ලිවීමට අමතරව තවත් නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලා ඉන්නවා. ස්ටෙෆනි ඩැන්ලර් එක්ක එකතු වෙලා ඇපල් ටීවී (Apple TV) වෙනුවෙන් ඇය අලුත් කතා මාලාවක් නිර්මාණය කරනවා. ඒ වගේම ලීනා ඩන්හැම්ගේ නිෂ්පාදනයක් වන මේ කතා මාලාව හරහා එමිලි තිර රචනයටත් අලුතින්ම පිවිසෙනවා. ‘Gone Girl’ සහ ‘Too Much’ වගේ නිර්මාණ හරහා රංගන ශිල්පිනියක් විදිහටත්, ‘High Low With EmRata’ පොඩ්කාස්ට් එක හරහා නිවේදිකාවක් විදිහටත් ඇය දැනටමත් ලොකු ජනප්රියත්වයක් ලබාගෙන ඉන්නවා. ඉතින් ඇගේ මේ අලුත් පොත ගැනත් රසිකයන් ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියලා අපිට පැහැදිලිවම පේනවා.

Discussion & Feedback