ලෝක ප්‍රකට ව්‍යවසායක ඉලොන් මස්ක් තමන්ගේ ‘ද බෝරිං කම්පැනි’ (The Boring Company) හරහා අලුත්ම වැඩකට අතගහන්න සූදානම් වෙනවා. ඒ තමයි ඇමරිකාවේ ඔස්ටින් සහ සැන් ඇන්ටෝනියෝ නගර දෙක යා කරමින් හයිපර්ලූප් ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කිරීම. මේ ව්‍යාපෘතිය හරහා නගර දෙක අතර ගමන් කාලය විනාඩි 30කටත් වඩා අඩු කාලයකට සීමා කරන්න පුළුවන් වෙයි කියලා ඔහු විශ්වාස කරනවා. මේ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් බෝරිං කම්පැනි ආයතනයත් කියලා තිබුණේ මෙවැනි දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට තමන් ඉතාමත් උනන්දුවෙන් ඉන්නා බවයි.
ඇත්තටම මස්ක් මේ ගැන අදහස් දැක්වූයේ අනාගත ලෝකය ගැන නිර්මාණය කරපු AI වීඩියෝවකට ප්‍රතිචාර දක්වමින්. නමුත් මේ ව්‍යාපෘතිය ගැන විවේචන එල්ල නොවෙනවාම නෙවෙයි. මීට කලින් චිකාගෝ, ලොස් ඇන්ජලීස් වගේ නගරවල දියත් කරන්න හදපු බොහෝ ව්‍යාපෘති අතරමග නතර වුණා. ඒ වුණත් ලාස් වේගාස් නුවර සාර්ථකව ක්‍රියාත්මක වෙන උමං මාර්ග පද්ධතිය සහ මෑතකදී ලැබුණු ඩොලර් බිලියන 3ක ආයෝජනය නිසා මේ ව්‍යාපෘතිය ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. විවේචකයන් මොනවා කිව්වත්, මස්ක් නම් කියන්නේ මේ තමයි අනාගතය සහ අපි ඒ දේ අනිවාර්යයෙන්ම යථාර්ථයක් කරනවා කියලයි.

Discussion & Feedback