හොලිවුඩ් නළු ආමි හැමර් රංගනයෙන් දායක වන ‘Citizen Vigilante’ චිත්‍රපටය මේ දිනවල අන්තර්ජාලය පුරා ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රසිද්ධ අධ්‍යක්ෂක උවේ බෝල් විසින්. විශේෂම දේ තමයි, මේ චිත්‍රපටය පැය 48ක කාලයක් සඳහා ඉලොන් මස්ක්ගේ X සමාජ මාධ්‍ය වේදිකාව හරහා නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී තිබීම. ඇමරිකානු ව්‍යාපාරිකයෙක් අපරාධකරුවන් දඩයම් කරන ආකාරය ගැන කියවෙන මේ චිත්‍රපටය, එහි අන්තර්ගත දරුණු ප්‍රචණ්ඩකාරී දර්ශන සහ දේශපාලනික මතවාද හේතුවෙන් ජර්මනිය තුළ තහනම් කිරීමට පවා පියවර ගෙන තිබෙනවා.
ආමි හැමර් මීට පෙර විවිධ චෝදනා හේතුවෙන් සිනමාවෙන් තරමක් දුරස් වෙලා හිටියත්, මේ චිත්‍රපටය හරහා ඔහු නැවතත් ප්‍රධාන චරිතයකින් කරළියට පැමිණීම විශේෂත්වයක්. අධ්‍යක්ෂක උවේ බෝල් පවසන විදිහට, මේ චිත්‍රපටය වර්තමාන සමාජයට ඉතාම ගැලපෙන කාලීන නිර්මාණයක්. යුරෝපයේ බොහෝ දෙනෙක් මෙවැනි දේශපාලනික තේමාවන් සහිත චිත්‍රපට නිර්මාණය කිරීමට බියක් දැක්වුවත්, තමන් සැමවිටම නිර්භීතව එවැනි දේවල් සිනමාවට එක් කරන බව ඔහු සඳහන් කරනවා. කෙසේ වෙතත්, මේ චිත්‍රපටය X හරහා ප්‍රදර්ශනය කිරීමත් සමඟම ලොව පුරා සිනමා ලෝලීන් අතර විශාල ආන්දෝලනයක් ඇති වී තිබෙනවා.

Discussion & Feedback