පසුගිය පෙබරවාරි මාසයේදී අවාසනාවන්ත ලෙස මියගිය ජනප්රිය නළු ජේම්ස් වැන් ඩර් බීක් රංගනයෙන් දායක වූ අවසන් ටෙලි කතා මාලාව වන ‘Elle’ ලබන ජූලි පළමුවැනිදා සිට ප්රයිම් වීඩියෝ ඔස්සේ විකාශය වීමට නියමිතයි. මේ කතා මාලාවේ ප්රධාන චරිතය රඟපාන ලෙක්සි මිනිට්රී පසුගියදා පැවති උත්සවයකදී ජේම්ස් සමඟ වැඩ කිරීමේ අත්දැකීම ගැන ඉතාමත් සංවේදීව අදහස් දක්වලා තිබුණා. ජේම්ස් තමන්ගේ චරිතයට කොයිතරම් ජීවයක් එකතු කළාද කියන එක ගැන ඇය විශේෂයෙන්ම සිහිපත් කළා.
ඇය කියන විදිහට ජේම්ස් කියන්නේ ඉතාමත් ආකර්ෂණීය සහ උණුසුම් ගතිගුණ තියෙන පුද්ගලයෙක්. රූගත කිරීම් අතරතුරදී ඔහු තමන්ගේ දියණියන්වත් රූගත කිරීම් භූමියට එක්කරගෙන ආපු හැටිත්, ඔහු මුළු කණ්ඩායමටම කොයිතරම් ලොකු ශක්තියක් වුණාද කියන එකත් ඇය ආදරයෙන් සිහිපත් කළා. ජේම්ස්ගේ මේ අවසන් රංගනය රසිකයන්ට ලැබෙන ලොකු තෑග්ගක් වගේම, ඔහු නැති අඩුව මුළු කණ්ඩායමටම තදින්ම දැනෙන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා. වයස අවුරුදු 48දී මියයන විට ඔහු බඩවැලේ පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටියා.
ලෝරා විට්රෙල් විසින් නිර්මාණය කරන ලද ‘Elle’ කතා මාලාව, සුප්රසිද්ධ ‘Legally Blonde’ චිත්රපට මාලාවේ පෙර කතාවක් විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මෙහි ලෙක්සි මිනිට්රී හාවඩ් නීති විද්යාලයට ඇතුළත් වීමට සිහින දකින එල් වුඩ්ස්ගේ චරිතය නිරූපණය කරනවා. ජේම්ස් වැන් ඩර් බීක්ගේ රංගන කුසලතාවය තවත් වරක් දැක බලා ගැනීමට රසිකයන්ට මේ හරහා අවස්ථාව ලැබෙනවා. ඔහුගේ රසිකයන් මේ කතා මාලාව එනතුරු බොහෝ බලාපොරොත්තු සහගතව ඉන්නවා.

Discussion & Feedback