ඇල්ල ප්‍රදේශයේ ජනප්‍රිය ආපන ශාලාවක් වන ‘මැන්ඩලා කැෆේ ඇන්ඩ් බාර්’ ආයතනයට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරලා තියෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ වැටලීමකදී හෙළි වුණේ, රුපියල් 100ක් වටිනා වතුර බෝතලයක් රුපියල් 200ක අධික මිලකට අලෙවි කර තිබූ බවයි. මේ සම්බන්ධයෙන් අධිකරණයේදී වරද පිළිගැනීමෙන් පසුව තමයි ඔවුන්ට මෙම දැඩි දඩ මුදල නියම වුණේ.
මේ සිදුවීමත් එක්ක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂයෙන්ම මතක් කරන්නේ, සංචාරක කලාපයක හෝ වෙනත් ඕනෑම තැනක ව්‍යාපාරයක් කළා කියලා නියමිත උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට භාණ්ඩ විකුණන්න කාටවත් අවසරයක් නැති බවයි. දැනට පවතින ගැසට් නිවේදනයට අනුව, ලීටරයක වතුර බෝතලයක උපරිම මිල රුපියල් 120ක් විතරයි. ඒ නිසා ඔබ යම් ආපන ශාලාවකින් හෝ හෝටලයකින් බෝතල් වතුර මිලදී ගන්නකොට අනිවාර්යයෙන්ම නියමිත මිල පරීක්ෂා කරලා බිල්පතක් ලබාගන්න කියලා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
යම් හෙයකින් නියමිත මිලට වඩා වැඩි මුදලක් අය කරනවා නම්, ඒ ගැන වහාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 ක්ෂණික ඇමතුම් අංකයට කතා කරලා පැමිණිලි කරන්න පුළුවන්. නීති විරෝධී ලෙස පාරිභෝගිකයන්ව ගසාකන මෙවැනි ව්‍යාපාරිකයන්ට එරෙහිව ඉදිරියටත් දැඩි නීතිමය පියවර ගන්නා බවයි බලධාරීන් අවධාරණය කරන්නේ.

Discussion & Feedback