මේ දිනවල හොලිවුඩයේ වැඩිපුරම කතාබහට ලක්වන ලේඛිකාව බවට පත්වෙලා ඉන්නේ එලින් හිල්ඩර්බ්රෑන්ඩ්. ඇයගේ නවතම කෘතියක් ඇසුරින් නිර්මාණය වුණු ‘ද ෆයිව්-ස්ටාර් වීකෙන්ඩ්’ ටෙලි කතා මාලාව මේ වන විට පීකොක් (Peacock) හරහා විකාශය වෙන්න පටන් අරන්. ජෙනිෆර් ගාර්නර් ප්‍රධාන චරිතයට පණ පොවන මේ නිර්මාණය ඇතුළුව ඇයගේ පොත් ගණනාවක්ම මේ වන විට ටෙලි නාට්‍ය බවට පත්වෙමින් පවතිනවා. නමුත්, තමන්ගේ පොත් තිරගත වුණාට, තමන්ම ටෙලි නාට්‍ය පිටපත් ලිවීමට කිසිදු උනන්දුවක් නැති බව ඇය ඉතා පැහැදිලිව පවසනවා. තමන්ගේ පොතක් ටෙලි නාට්‍යයක් බවට පත් කරන විට, ඒ වැඩේ සම්පූර්ණයෙන්ම අධ්‍යක්ෂකවරුන්ට සහ පිටපත් රචකයන්ට භාර දීම තමයි ඇයගේ සිරිත. ඔවුන්ට අවශ්‍ය නිදහස ලබා දෙමින්, කතාවේ සාරය වෙනස් නොවී හොඳ නිර්මාණයක් බිහි කිරීම පමණයි ඇය බලාපොරොත්තු වෙන්නේ.
මේ අතර, එලින් තමන්ගේ මීළඟ නවකතාව වන ‘ද තොරෝබ්රෙඩ්ස්’ සැප්තැම්බර් මාසයේදී එළිදැක්වීමට සූදානම් වනවා. එය ඇය තමන්ගේ දියණිය සමඟ එක්ව ලියූ කෘතියක්. ඒ වගේම, ඇය දැනටමත් ‘ද නොවෙලිස්ට්ස්’ නමින් තවත් අලුත් පොතක් ලියමින් ඉන්නවා. ලේඛකයන් හතර දෙනෙකුගේ ජීවිත සහ ඔවුන් අතර ඇතිවන වෘත්තීයමය ඊර්ෂ්‍යාව ගැන තමයි මේ නවකතාවෙන් කියැවෙන්නේ. තමන්ගේ පොත් ලෝකය පුරාම ජනප්‍රිය වෙද්දී, තිර පිටපත් ලිවීමට වඩා නවකතා ලිවීමටම වැඩි කාලයක් කැප කරන්න ඇය තීරණය කරලා තියෙනවා.

Discussion & Feedback