දැනට ලෝකයේ වැඩිපුරම කතාබහට ලක්වෙන AI හඬ තාක්ෂණ සමාගමක් තමයි ElevenLabs කියන්නේ. මේ සමාගම හදන්නේ මිනිස් කටහඬට ගොඩක් සමාන හඬක් නිර්මාණය කරන්න පුළුවන් තාක්ෂණයක්. අද වෙනකොට Klarna, Cisco සහ Adobe වගේ ලොකු සමාගම් වගේම විවිධ රටවල රජයන් පවා පාරිභෝගික සේවා සඳහා මේ තාක්ෂණය පාවිච්චි කරනවා. අවුරුදු හතරක් වගේ කෙටි කාලයක් ඇතුළත මේ සමාගම ඩොලර් බිලියන 22ක වටිනාකමකට ඇවිත් තියෙනවා කියන එක ඇත්තටම පුදුම හිතෙන කාරණයක්. ඔවුන්ගේ වාර්ෂික ආදායම දැනට ඩොලර් මිලියන 600ක් විතර වෙනවා.
ElevenLabs හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී මැටි ස්ටැනිස්සෙව්ස්කි කියන විදිහට, පාරිභෝගිකයන් එක්ක කතා කරන්නේ AI එකක් කියලා ඔවුන්ට දැනුම් දීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනේ දෙයක්. ඒ වගේම ඔහු විශ්වාස කරනවා ඉදිරි වසර කිහිපය ඇතුළත AI තාක්ෂණයට මිනිස් හැඟීම් පවා තේරුම් අරගෙන කතා කරන්න පුළුවන් ‘Turing test’ එක සමත් වෙන මට්ටමට එන්න පුළුවන් කියලා. දැනට ඔවුන්ගේ ආදායමෙන් වැඩි ප්‍රමාණයක් එන්නේ විශාල ආයතනික සේවා හරහා වුණත්, කුඩා ව්‍යාපාර සහ නිර්මාණකරුවෝ අතරත් මේ තාක්ෂණය ගොඩක් ජනප්‍රියයි.
අද වෙනකොට AI ක්ෂේත්රයේ තරඟය ගොඩක් වැඩි වෙලා තියෙනවා. තමන්ගේම පාරිභෝගිකයෝ පවා සමහර වෙලාවට තරඟකරුවෝ බවට පත්වෙන තත්ත්වයක් තමයි දකින්න ලැබෙන්නේ. හැබැයි ElevenLabs මේ අභියෝගවලට බය නැතුව මුහුණ දෙනවා. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ වෙළඳපොළේ තමන්ගේ කොටස තව තවත් වැඩි කරගන්න එක. තාක්ෂණය දිනෙන් දින දියුණු වෙනකොට, ඉදිරියේදී අපිට තවත් පුදුම හිතෙන දේවල් මේ ක්ෂේත්රයෙන් බලාගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback