දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයට ආසන්න ප්‍රදේශයක පිහිටි නිවසකට කඩා වැදුණු සන්නද්ධ පිරිසක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් එකොළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අඟහරුවාදා රාත්‍රියේ මෙම නිවසේ සාදයක නිරතව සිටි පුද්ගලයින් දාහතර දෙනෙකු ඉලක්ක කර ගනිමින් වෙඩික්කරුවන් තිදෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය පවසන්නේ. එම ස්ථානයේදීම දස දෙනෙකු මියගොස් ඇති අතර, තුවාල ලබා රෝහල් ගත කළ තවත් අයෙකු පසුව මියගොස් තිබෙනවා. මියගිය අය අතර ගැබිණි කාන්තාවක් ද සිටින බව වාර්තා වන අතර, වෙඩි තැබීමෙන් පසු සැකකරුවන් විසින් වින්දිතයෙකුට අයත් මෝටර් රථයක් ගිනි තබා පළා ගොස් ඇති බවත් දැකගන්නට ලැබෙනවා.
මෙම ප්‍රහාරයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති වුවත්, අපරාධ කල්ලි අතර පවතින ගැටුමක් හෝ නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධ ආරවුලක් මීට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක පළ කරනවා. ලෝකයේ වැඩිම මිනීමැරුම් සිදුවන රටවල් අතරින් එකක් වන දකුණු අප්‍රිකාවේ දිනකට පුද්ගලයින් හැටකට අධික සංඛ්‍යාවක් මෙවැනි ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මියයන බවයි දත්ත පෙන්වා දෙන්නේ. සංවිධානාත්මක අපරාධ රටේ ප්රජාතන්ත්රවාදයට සහ ආර්ථිකයට විශාල තර්ජනයක් බව ජනාධිපති සිරිල් රමපෝසා මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබුණා. මේ වන විට සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශයේ ජනතාව දැඩි බියකින් පසුවන බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback