ප්‍රංශයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ටොම්බ්ලේන් නගරයේදී අවාසනාවන්ත ගුවන් අනතුරක් සිදුවෙලා තියෙනවා. පැරෂුට් ක්‍රීඩකයින් පිරිසක් රැගෙන ගමන් කරමින් තිබූ කුඩා සිවිල් ගුවන් යානයක් මෙලෙස කඩා වැටී ඇති අතර, ඉන් යානයේ ගමන් ගත් ගුවන් නියමුවා ඇතුළු පුද්ගලයින් එකොළොස් දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පිරිස අතර පැරෂුට් පුහුණුකරුවන් පස් දෙනෙක් සහ සිසුන් පස් දෙනෙක් සිටින බවයි වාර්තා වෙන්නේ. මෙම යානය නැන්සි-එසී ගුවන් තොටුපළෙන් ගුවන් ගත වූ වහාම මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
මෙම අනතුර සිදුවී ඇත්තේ ජනාවාස සහිත ප්‍රදේශයකට ආසන්නව පිහිටි සාප්පු සංකීර්ණයක් අසලයි. යානය සිරස් අතට පාහේ බිමට කඩා වැටී ඇති බවත්, වාසනාවකට මෙන් ගොඩබිම සිටි කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බවත් බලධාරීන් පවසනවා. මියගිය අය අතර හෙද නිලධාරීන් පිරිසක්ද සිටින බව හෙළි වී තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී මියගිය අයගේ පවුලේ උදවිය ගුවන් තොටුපළේ රැඳී සිටීම ඉතාමත් සංවේදී සිදුවීමක් වුණා. මේ වන විට ප්‍රංශ ප්‍රවාහන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරුන් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර, ප්‍රදේශයේ ජනතාවට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස පොලිසිය දැනුම් දී තිබෙනවා.

Discussion & Feedback