ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ ඊස්ට් ගඟට ගොඩබෑමට උත්සාහ කළ සීප්ලේන් වර්ගයේ ගුවන් යානයක් අනතුරට ලක්වෙලා තියෙනවා. මේ යානය මැන්හැටන් ප්‍රදේශයේදී මෙලෙස දරුණු ලෙස ගොඩබෑමකට ලක්වීම නිසා එහි ගමන් ගත් මගීන් අටදෙනෙක්ව ගිනි නිවන හමුදාව විසින් ඉතා ඉක්මනින් බේරාගන්න කටයුතු කළා. වාර්තා වෙන විදිහට මේ යානය හැම්ප්ටන්ස් ප්‍රදේශයේ සිට පැමිණෙමින් තිබියදී තමයි මෙලෙස අනතුරට ලක්වෙලා තියෙන්නේ. යානය ගොඩබෑමේදී ඇති වූ දරුණු ගැටීමක් නිසා එහි පියාපත් කොටසකට හානි සිදුවෙලා තියෙනවා.
මේ සිද්ධියෙන් මගීන් දෙදෙනෙක් සුළු තුවාල ලබා තිබුණත් ඔවුන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකාවේ ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය විසින් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. ඔවුන් පවසන විදිහට යානය ගොඩබෑමේදී නියමිත වේගයට වඩා වැඩි වේගයකින් ජලයේ ගැටීම නිසා තමයි මේ අනතුර සිදුවෙලා තියෙන්නේ. යානය ගොඩබෑමේදී ජලයේ තිබූ විශාල රළ පහරක් නිසා යානය අර්ධ වශයෙන් පෙරළී ගිය බවත් වාර්තා වෙනවා.
මීට සති තුනකට කලිනුත් මේ ප්‍රදේශයේම තවත් කුඩා ගුවන් යානයක් මෙවැනිම අනතුරකට ලක්වුණා. ඒ අවස්ථාවේදීත් ගිනි නිවන හමුදාව මැදිහත් වෙලා නියමුවා සහ මගියෙක්ව බේරාගත්තා. කෙසේ වෙතත්, මේ වගේ සිදුවීම් දිගින් දිගටම වාර්තා වීම නිසා ගුවන් ගමන් ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විට ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.

Discussion & Feedback