බංග්ලාදේශයේ කොක්ස් බසාර් ප්‍රදේශයේ පිහිටි රෝහින්ග්‍යා සරණාගත කඳවුරක තිබුණු ඉස්ලාමීය අධ්‍යාපන මධ්‍යස්ථානයක් මතට පසුගිය බදාදා පස්වරුවේ සිදුවූ දරුණු නායයෑමකින් පාසල් සිසුන් හත් දෙනෙක් සහ ගුරුවරියක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. ඉරිදා දින සිට ඇදහැලෙන අධික මෝසම් වැසි හේතුවෙන් මෙම ප්‍රදේශයේ නායයෑම් රැසක් වාර්තා වී ඇති අතර, මඩ සහ සුන්බුන් යට වැළලී ගිය පාසල් ගොඩනැගිල්ලෙන් පුද්ගලයන් 13 දෙනෙකු බේරා ගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත් වුණත්, ඉන් අට දෙනෙකුම මියගොස් තිබෙනවා. මියගිය අය අතර වයස අවුරුදු 7ත් 12ත් අතර කුඩා දරුවන් සිටීම ඉතාමත් කනගාටුදායක සිදුවීමක්.
ලෝකයේ විශාලතම සරණාගත කඳවුර ලෙස සැලකෙන මෙහි දස ලක්ෂයකට අධික රෝහින්ග්‍යා ජනතාවක් ජීවත් වෙනවා. ඔවුන් බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ කඳු බෑවුම්වල උණ බම්බු සහ තාරපෝලින් යොදාගෙන හදපු තාවකාලික නිවාසවලයි. මේ දිනවල පවතින අයහපත් කාලගුණය නිසා තවත් නායයෑම් සහ ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් තියෙන නිසා, අවදානම් සහිත ප්‍රදේශවල ඉන්න පවුල් ඉවත් කිරීමට බලධාරීන් පියවර අරගෙන තියෙනවා. ඉරිදා දින සිට මේ දක්වා සිදුවූ වෙනත් නායයෑම්වලින් තවත් රෝහින්ග්‍යා සරණාගතයන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වෙනවා.

Discussion & Feedback