ප්‍රංශයේ අයිෆල් කුළුණේ සේවය කරන කාන්තාවන්ට සිදු වූ අසාධාරණයක් නිසා පසුගිය සඳුදා එම කුළුණේ කටයුතු තාවකාලිකව නතර කිරීමට එහි සේවකයින් පියවර ගත්තා. මේ සිද්ධියට මුල් වුණේ හින්දු ආගමික කණ්ඩායමක් අයිෆල් කුළුණ නැරඹීමට පැමිණි අවස්ථාවේදී, ඔවුන්ගේ ඉල්ලීම මත එහි සේවය කළ කාන්තාවන්ව ඔවුන්ගේ රාජකාරි ස්ථානවලින් ඉවත් කර ඒ වෙනුවට පිරිමින්ව යෙදවීමට පාලනාධිකාරිය කටයුතු කිරීමයි. මේ සිදුවීම නිසා දැඩි ලෙස කලකිරීමට පත් වූ සේවකයින්, කාන්තාවන්ට සිදු වූ මෙම අපහාසයට විරෝධය පළ කරමින් වැඩ වර්ජනයක් ආරම්භ කළා.
අයිෆල් කුළුණ පාලනය කරන ආයතනය පසුව ප්‍රකාශ කළේ මෙවැනි කොන්දේසි පිළිගැනීම ඔවුන්ගේ සමානාත්මතා ප්‍රතිපත්තිවලට පටහැනි බවයි. මේ සම්බන්ධයෙන් පැරිස් නගරාධිපතිවරයා ඇතුළු ප්‍රංශයේ ඉහළ පෙළේ දේශපාලනඥයින් පවා දැඩි විරෝධයක් පළ කර තිබෙනවා. ප්‍රංශයේ කිසිදු සංස්කෘතියකට හෝ ආගමකට කාන්තාවන්ගේ ස්ථානය තීරණය කිරීමට ඉඩ දිය නොහැකි බව ඔවුන් අවධාරණය කරනවා. අදාළ ආගමික කණ්ඩායම පසුව මේ සිදුවීම සම්බන්ධයෙන් සමාව අයැද සිටියත්, අයිෆල් කුළුණේ සේවකයින් පවසන්නේ අනාගතයේදී මෙවැනි දේ සිදු නොවන බවට සහතිකයක් අවශ්‍ය බවයි. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වීමටත් බලධාරීන් කටයුතු කරමින් සිටිනවා.

Discussion & Feedback