ප්‍රංශයේ අයිෆල් කුළුණේ කළමනාකාරීත්වය භාරව සිටින ප්‍රධාන විධායක නිලධාරී පැට්රික් බ්‍රැන්කෝ රුයිවෝ සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කරලා තියෙනවා. මේ තීරණය අරගෙන තියෙන්නේ පසුගිය දිනවල අයිෆල් කුළුණට පැමිණි හින්දු ආගමික දූත පිරිසක් වෙනුවෙන් එහි සේවය කළ කාන්තා සේවිකාවන්ව ඔවුන්ගේ රාජකාරි ස්ථානවලින් ඉවත් කර පිරිමි සේවකයන්ව යෙදවීමේ සිද්ධියක් නිසා ඇති වුණු දැඩි විරෝධය නිසයි. මේ සිදුවීම ප්‍රංශය පුරා ලොකු කතාබහකට ලක් වුණා වගේම, කාන්තා සේවිකාවන් තමන්ට සිදු වූ අසාධාරණය ගැන දැඩි ලෙස කලකිරීමට පත් වෙලා හිටියා.
මේ ආගමික කණ්ඩායම අයිෆල් කුළුණේ සංචාරය කරන අතරතුර කාන්තාවන් සමඟ අන්තර් ක්‍රියා කිරීම සීමා කරන ලෙස ඉල්ලීමක් කර තිබුණා. ඒ ඉල්ලීම පිළිගැනීම අනුමත කළ නොහැකි බවත්, එය ආයතනික වශයෙන් සිදු වූ බරපතළ වැරැද්දක් බවත් අභ්‍යන්තර පරීක්ෂණයකින් පසුව තහවුරු වුණා. මේ සිද්ධිය නිසා අයිෆල් කුළුණේ සේවකයන් වැඩවර්ජනයක නිරත වුණා වගේම, ප්‍රංශ දේශපාලනඥයන් පවා මේ ක්‍රියාව දැඩි ලෙස විවේචනය කළා. කාන්තාවන්ව ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බවයි ඔවුන් පෙන්වා දුන්නේ. මේ සිදුවීමෙන් පස්සේ අයිෆල් කුළුණේ කළමනාකාරීත්වය කාන්තා අයිතිවාසිකම් සහ සමානාත්මතාවය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් තීරණය කරලා තියෙනවා.

Discussion & Feedback