ලබන වසරේ සිට හය ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විටත් සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මේ බව තහවුරු වුණා. ප්‍රධාන කුළුණු පහක් යටතේ ක්‍රියාත්මක වන මෙම ප්‍රතිසංස්කරණ අධීක්ෂණය කිරීම සඳහා විශේෂ කමිටු කිහිපයක්ම පත් කරලා තියෙනවා. විශේෂයෙන්ම හය ශ්‍රේණියට අදාළ පළමු වාරයේ මොඩියුල සියල්ල දැනටමත් මුද්‍රණය කර අවසන් අතර, ඒවා දෙවන වාරයේ මොඩියුල සමඟ සිසුන්ට ලබා දීමටයි සැලසුම් කරලා තියෙන්නේ.
මේ ප්‍රතිසංස්කරණ සාර්ථක කරගන්න අවශ්‍ය සියලුම උපකරණ දිවයින පුරා තියෙන ද්විතීයික පාසල් 6,500කටම මේ වන විටත් බෙදා දීලා ඉවරයි. ඒ වගේම විශේෂ අවධානයක් යොමු කළ යුතු පාසල් 373ක් හඳුනාගෙන ඒවායේ සංවර්ධන කටයුතුත් මේ දිනවල ඉතා වේගයෙන් සිද්ධ වෙනවා. ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ මඟපෙන්වීම යටතේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් මෙම මොඩියුල සකස් කර තිබීම විශේෂත්වයක්. ඉදිරි මාස තුනක කාලය තුළ මේ කටයුතු සිදුවන ආකාරය ගැන නැවතත් සමාලෝචනය කිරීමටත් මෙහිදී තීරණය වුණා.

Discussion & Feedback