ඇමරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ පසුගිය ජනවාරි මාසයේ ඇතිවූ දරුණු ‘ඊටන්’ ලැව්ගින්නට හේතුව සදර්න් කැලිෆෝනියා එඩිසන් සමාගමට අයත් විදුලි කුළුණක් බව නිල විමර්ශන වාර්තාවකින් හෙළිවෙලා තියෙනවා. කැලිෆෝනියා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ලොස් ඇන්ජලීස් ප්රාන්ත ගිනි නිවන අංශය එකතු වෙලා කරපු මේ පරීක්ෂණයේදී තහවුරු වුණේ, අක්රියව තිබූ විදුලි කුළුණක ඇතිවූ විදුලි කාන්දුවක් නිසා මේ මහා විනාශය සිදුවී ඇති බවයි. වීඩියෝ සාක්ෂිවලින් පෙනී යන්නේ කුළුණෙන් ගිනි පුපුරු පිටවී තත්පර 12ක් ඇතුළත වියළි පඳුරු සහිත ප්රදේශයේ ගින්නක් හටගත් බවයි.
මේ ගින්නෙන් පුද්ගලයන් 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා වගේම නිවාස සහ ගොඩනැගිලි 9,000කට ආසන්න ප්රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා. අක්කර 14,000කට වඩා වැඩි භූමි ප්රමාණයක් ගින්නට හසුවූ අතර, එය සම්පූර්ණයෙන්ම පාලනය කරන්න දින 24ක් ගතවුණා. විශේෂයෙන්ම හොලිවුඩ් සිනමා නිර්මාණ රැසකට පසුබිම් වූ ඓතිහාසික ගොඩනැගිලි සහ නිවාස රැසක් මේ ගින්න නිසා අළු වී ගොස් තිබීම කනගාටුදායක කරුණක්. ‘හැක්ස්’ කතාමාලාවේ නිවස සහ ‘මැඩ් මෙන්’ වැනි ජනප්රිය නිර්මාණවල දර්ශන තල ලෙස භාවිත කළ ස්ථාන රැසක් මේ අතරට අයත් වෙනවා.
මේ වන විටත් එඩිසන් සමාගමට එරෙහිව නඩු රැසක් ගොනු කරලා තියෙනවා. සමාගමේ නොසැලකිලිමත්කම නිසා සිදුවූ මේ මහා විනාශයට වන්දි ලබාගැනීම සඳහා බලධාරීන් සහ පීඩාවට පත් ජනතාව නීතිමය ක්රියාමාර්ග ගනිමින් ඉන්නවා. පරිසරයට සහ දේපළවලට සිදුවූ මේ දැවැන්ත හානිය සම්බන්ධයෙන් සමාගම මීට පෙරත් වගකීම භාරගෙන තිබුණත්, මේ වාර්තාවත් එක්ක ඔවුන්ට එරෙහි නීතිමය පීඩනය තවත් වැඩිවෙලා තියෙනවා.

Discussion & Feedback