එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රයිඩන් කාර්ස් සම්බන්ධයෙන් මේ දිනවල ක්‍රිකට් ලෝකයේ ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඩර්බි නගරයේදී පොලිසිය විසින් කාර්ස්ව අත්අඩංගුවට ගෙන අත්බෙලංගු දමාගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල වේගයෙන් පැතිරෙමින් තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB) දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේදී කාර්ස් රාත්‍රී සමාජ ශාලාවක විනෝද වෙමින් සිට ඇති අතර, පසුව ඔහුව කිසිදු චෝදනාවක් නොමැතිව මුදා හැර තිබෙනවා. කෙසේ වෙතත්, මේ පිළිබඳව අදහස් දක්වමින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ, සිදුවූ දේ ගැන තමන් දැනුවත් බවත්, ඒ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන බවත්ය. ඉදිරියේදී මේ ගැන වැඩිදුර තොරතුරු ලබා දෙන බවත් ඔවුන් පවසා තිබෙනවා.
බ්‍රයිඩන් කාර්ස් කියන්නේ දැනට පාකිස්තානය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා නම් කර ඇති එංගලන්ත සංචිතයේ ඉන්න ප්‍රධාන ක්‍රීඩකයෙක්. ඔහු මීට පෙර පැවති පළමු ටෙස්ට් තරගයේ සංචිතයටත් ඇතුළත් වුණත්, ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙක් මෙවැනි සිදුවීමකට මැදිහත් වීම ක්‍රිකට් ලෝලීන් අතර ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback