කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ වේගයෙන් පැතිර යන ඉබෝලා වෛරසය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වන විට විශේෂ පියවර කිහිපයක් අරගෙන තියෙනවා. දැනට රට තුළ පැතිර යන්නේ ‘බුන්ඩිබුගියෝ’ (Bundibugyo) නමැති ඉබෝලා ප්‍රභේදයයි. මීට පෙර සාර්ථක බව ඔප්පු වී ඇති ‘එර්වෙබෝ’ (Ervebo) එන්නත මෙම නව ප්‍රභේදයට එරෙහිව කොතරම් දුරට සාර්ථකදැයි පරීක්ෂා කිරීමට වෛද්‍යවරුන් තීරණය කර තිබෙනවා. මේ සඳහා එන්නත් මාත්‍රා 20,000ක් සායනික පරීක්ෂණ සඳහාත්, තවත් 50,000ක් ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් සඳහාත් යොදා ගැනීමට නියමිතයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන විදිහට, පසුගිය මාස තුන තුළ පමණක් පුද්ගලයන් 2,500කට ආසන්න සංඛ්‍යාවක් මෙම වෛරසය නිසා ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම පසුගිය දින 20 තුළ පමණක් මරණ සංඛ්‍යාව දෙගුණ වී තිබීම බරපතළ තත්ත්වයක්. යුද ගැටුම් පවතින ප්‍රදේශවල සෞඛ්‍ය කණ්ඩායම්වලට වැඩ කිරීමට සිදුවීම සහ ඇතැම් ප්‍රදේශවල පවතින මිථ්‍යා විශ්වාස නිසා මෙම වෛරසය පාලනය කිරීම විශාල අභියෝගයක් වෙලා තියෙනවා. එපමණක් නොවෙයි, එරට කැරලිකාර කණ්ඩායම් විසින් පනවා ඇති ගමනාගමන සීමා කිරීම් නිසාත් වෛරසය පාලනය කිරීමේ කටයුතු තවත් සංකීර්ණ වී තිබෙනවා. ඉබෝලා රෝග ලක්ෂණ උණ සහ හිසරදය වැනි සාමාන්‍ය රෝග ලක්ෂණවලට සමාන නිසා, රෝගය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම ඉතා වැදගත් බව වෛද්‍යවරුන් අවධාරණය කරනවා.

Discussion & Feedback