2019 වසරේ සිදුවුණු පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ සැකකරුවන් 25 දෙනෙකුට එරෙහිව පවතින නඩුවේ තීන්දුව සැප්තැම්බර් 22 වැනිදා ලබා දෙන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල නිවේදනය කරලා තියෙනවා. මේ නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් චෝදනා 23,270ක් යටතේ නඩු පවරා තිබුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කුමන්ත්‍රණය කිරීම, ප්‍රහාර සඳහා ආධාර අනුබල දීම, අවි ආයුධ එකතු කිරීම සහ මිනීමැරීමට තැත් කිරීම වැනි බරපතළ චෝදනා රැසක් මේ සැකකරුවන්ට එල්ල වෙලා තියෙනවා. නවුෆර් මවුලවි ඇතුළු ප්‍රධාන සැකකරුවන් කිහිප දෙනෙක්ම මේ නඩුවට ඇතුළත්.
2019 අප්‍රේල් 21 වැනිදා සිදු වුණු මේ අවාසනාවන්ත ප්‍රහාර මාලාවෙන් විදේශිකයන් ඇතුළු පුද්ගලයන් 270කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා වගේම තවත් සිය ගණනක් තුවාල ලැබුවා. මේ සිදුවීමෙන් පස්සේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් සහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් දීර්ඝ විමර්ශන සිදු කළා. ඉන් අනතුරුව තමයි නීතිපතිවරයා විසින් මේ සැකකරුවන්ට එරෙහිව නඩු පවරලා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ නඩු විභාගය පවත්වන්න කටයුතු කළේ. දැන් සැමදෙනාගේම අවධානය යොමු වෙලා තියෙන්නේ සැප්තැම්බර් 22 වැනිදා ලැබෙන්න නියමිත මේ තීන්දුව දෙසටයි.

Discussion & Feedback