ජෝන් ස්ටයින්බෙක්ගේ සම්භාව්ය නවකතාවක් වන ‘ඊස්ට් ඔෆ් ඊඩන්’ (East of Eden) ඇසුරින් නිර්මාණය කරපු නවතම නෙට්ෆ්ලික්ස් කතාමාලාවේ ට්රේලරය දැන් නිකුත් වෙලා තියෙනවා. මේ කතාමාලාව ඔක්තෝබර් පළවෙනිදා ඉඳන් නෙට්ෆ්ලික්ස් හරහා අපිට බලන්න පුළුවන්. ප්රවීණ නිළි ෆ්ලොරන්ස් පියු ප්රධාන චරිතයට පණ පොවන මේ කතාමාලාව, ට්රාස්ක් පවුලේ පරම්පරා ගණනාවක කතාවක් වටා ගෙතී තිබෙනවා. විශේෂයෙන්ම ෆ්ලොරන්ස් රඟපාන කැතී ඒම්ස් කියන අභිරහස් චරිතය වටා මේ කතාවේ බොහෝ දේවල් සිද්ධ වෙනවා.
මේ කතාවේදී බයිබලයේ එන කායින් සහ ඒබල්ගේ කතාවේ ආභාෂයත් අපිට දකින්න ලැබෙනවා. නපුර කියන දේ හැමවෙලේම පිටතට පේන්නේ නැති බවත්, ඒක සමහර වෙලාවට ලස්සනක් හෝ ආදරයක් වෙස් කරගෙන එන බවත් ට්රේලරය තුළින් ඉඟි කරනවා. ක්රිස්ටෝපර් ඇබට් සහ මයික් ෆයිස් සහෝදරයන් දෙදෙනාගේ චරිත රඟපාන අතර, ඔවුන්ගේ පවුල් ජීවිතය තුළ සිදුවන ගැටුම් සහ අභිරහස් සිදුවීම් මේ කතාමාලාව පුරාම දැකගන්න පුළුවන්.
සෝයි කසාන් විසින් තිර රචනය කරපු මේ නිර්මාණය, ඇයගේ සීයා වන එලියා කසාන් 1955දී අධ්යක්ෂණය කරපු චිත්රපටයට පසුව එන තවත් විශිෂ්ට නිර්මාණයක්. නවසීලන්තයේ විවිධ ස්ථානවල රූගත කරපු මේ කතාමාලාව කොටස් හතකින් සමන්විත වෙනවා. මේ කතාවේ තියෙන අඳුරු සහ අභිරහස් ස්වභාවය නිසාම, මේක නරඹන්නන් අතර ලොකු කුතුහලයක් ඇති කරන බව නම් නිසැකයි.

Discussion & Feedback