අපේ පෘථිවිය වටා කැරකෙන සඳ උපත ලැබුවේ කොහොමද කියන එක ගැන විද්යාඥයන් ගොඩක් කාලෙක ඉඳන් පර්යේෂණ කරනවා. ඒ අතරින් වඩාත්ම පිළිගැනෙන මතය තමයි, සෞරග්රහ මණ්ඩලයේ මුල් කාලයේදී පෘථිවිය සහ අඟහරු තරම් විශාල ‘තීයා’ (Theia) කියන ග්රහ වස්තුවක් එකිනෙක ගැටීමෙන් සඳ නිර්මාණය වුණා කියන එක. ඒත් දැන් අලුත්ම පරිගණක ආකෘති පරීක්ෂණවලින් පේන විදිහට, මේ ගැටීමෙන් පස්සේ සඳ නිර්මාණය වෙන්න ගතවෙලා තියෙන්නේ හිතාගන්නවත් බැරි තරම් කෙටි කාලයක්, ඒ කියන්නේ පැය කිහිපයක් විතරයි.
මේ පර්යේෂණය මෙහෙයවපු ඇඩීන් ඩෙන්ටන් සහ ඇයගේ කණ්ඩායම කියන විදිහට, ඒ කාලේ තිබුණු ග්රහ වස්තුවල උෂ්ණත්වය සහ ඒවායේ භූ විද්යාත්මක ගතිගුණ මේ ගැටීමට ලොකු බලපෑමක් කරලා තියෙනවා. සාමාන්යයෙන් ග්රහ වස්තුවක් උණුසුම් නම් ඒකේ ශක්තිය අඩුයි. ඉතින් තීයා පෘථිවියේ ගැටෙනකොට ඒක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා, ඒකෙන් පිටවුණු සුන්බුන් පෘථිවිය වටා වළල්ලක් විදිහට එකතු වෙලා තියෙනවා. කලින් හිතුවේ මේ සුන්බුන්වලින් සඳ හැදෙන්න ගොඩක් කාලයක් ගියා කියලා, නමුත් මේ නවතම දත්තවලින් කියවෙන්නේ ඒ සුන්බුන් එකතු වෙලා ඉතාම ඉක්මනින් සඳ නිර්මාණය වුණු බවයි.
මේ සොයාගැනීමෙන් සඳේ උපත ගැන තිබුණු පැරණි මතවාද අලුත් විදිහකට දකින්න විද්යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා. කොහොම වුණත්, තීයා කොයි තරම් උණුසුම්ව තිබුණද කියන එක මත මේ ක්රියාවලිය වෙනස් වෙන්න පුළුවන් බවත් ඔවුන් පෙන්වා දෙනවා. ඇත්තටම මේ වගේ සොයාගැනීම්වලින් අපේ විශ්වයේ අතීතය ගැන තියෙන රහස් එකින් එක එළියට එන එක ඇත්තටම පුදුම හිතෙන දෙයක්.

Discussion & Feedback