පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් එක්ක හැටන් – කොළඹ ප්රධාන මාර්ගයේ කුයිල්වත්ත ප්රදේශයට අද (24) සවස් කාලයේදී විශාල පස් කන්දක් කඩා වැටිලා තියෙනවා. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ලොකු බාධාවක් වෙලා තියෙන බවයි හැටන් පොලිසිය සඳහන් කරන්නේ. වාහන ගමනාගමනයට බාධා ඇතිවීම නිසා මේ මාර්ගය භාවිතා කරන රියදුරන් සහ මගීන් දැඩි අපහසුතාවයට පත්වෙලා ඉන්නවා.
මේ පස් කන්ද ඉවත් කරලා මාර්ගය ඉක්මනින්ම යථා තත්ත්වයට පත් කරන්න නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මේ වන විටත් කටයුතු කරමින් ඉන්නවා. වැසි සහිත කාලගුණය නිසා තවදුරටත් මේ ප්රදේශයේ පස් කඳු කඩා වැටීමේ අවදානමක් තියෙන නිසා, මේ මාර්ගයේ ගමන් කරන රියදුරන් ඉතාමත් කල්පනාවෙන් සහ සැලකිල්ලෙන් වාහන පදවන්න කියලා බලධාරීන් දැනුම් දෙනවා. ඉදිරි පැය කිහිපය තුළ මාර්ගය සම්පූර්ණයෙන්ම පිරිසිදු කරලා වාහන ගමනාගමනයට විවෘත කරන්න පුළුවන් වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback