හොලිවුඩ් සිනමාවේ ජනප්රිය නළු ඩ්වේන් ජොන්සන් හෙවත් ‘ද රොක්’ මේ දිනවල තමන්ගේ අලුත්ම චිත්රපටය වන ‘ලිසාඩ් මියුසික්’ (Lizard Music) වෙනුවෙන් දැඩි කැපවීමකින් වැඩ කරනවා. මේ චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ බෙනී සැෆ්ඩි විසින්. ජොන්සන් මේ චිත්රපටයේ රඟපාන්නේ වයස අවුරුදු 70 ඉක්මවූ චරිතයක්. ඒ වෙනුවෙන් ඔහුට දිනපතා පැය පහක් තිස්සේ මේකප් කිරීමට සිදුව තිබෙනවා. හොලිවුඩයේ ප්රවීණ මේකප් ශිල්පියෙකු වන කසු හිරෝ තමයි මේ වෙනුවෙන් ජොන්සන්ට උදව් කරන්නේ. ජොන්සන් කියන විදිහට මේ චිත්රපටය හරියට ‘විලී වොන්කා’ කතාව වගේ, හැබැයි බෙනී සැෆ්ඩිගේ සිතුවිලිවලින් හැඩගැසුණු අමුතුම ලෝකයක්.
මේ කතාව ගෙතෙන්නේ සත්ත්වයන් වගේ හැසිරෙන, සංගීතයට සහ රූපවාහිනී වැඩසටහන්වලට ලැදි උරගයන් පිරිසක් ඉන්න දූපතක් සොයා යන කුඩා දරුවෙක් වටායි. ජොන්සන් මේ චිත්රපටයේ රඟපාන්නේ ‘චිකන් මෑන්’ කියන චරිතයයි. තමන්ගේ රංගන ජීවිතයේ අභියෝගාත්මකම වැඩක් විදිහට ඔහු මේ චිත්රපටය දකිනවා. ‘ද ස්මැෂින් මැෂින්’ චිත්රපටයෙන් පස්සේ බෙනී සැෆ්ඩි එක්ක එකතු වෙලා කරන මේ නිර්මාණය ගැන ඔහු ඉන්නේ හරිම උද්යෝගයෙන්. රසිකයන්ට මේ අලුත්ම අත්දැකීම ඉක්මනින්ම සිනමාහල්වලින් බලාගන්න පුළුවන් වේවි.

Discussion & Feedback