ලෝකයේම අවධානය දිනාගත් ඇමරිකානු FBI ආයතනයේ රහසිගත දත්ත සොරාගත් බව කියන ‘ෂයිනි හන්ටර්ස්’ (ShinyHunters) නම් සයිබර් අපරාධ කල්ලියේ සාමාජිකයෙක් නෙදර්ලන්ත පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා. ඇම්ස්ටර්ඩෑම් නුවර පදිංචි 24 හැවිරිදි මෙම තරුණයා සැප්තැම්බර් 15 වැනිදා අත්අඩංගුවට ගත්තේ FBI ආයතනයට එල්ල වූ ප්රහාරයටත් පෙරයි. මොහු සතුව තිබූ ලැප්ටොප් පරිගණකයේ තිබී විදේශ රටක සිදුවීමට නියමිතව තිබූ මිනීමැරුම් දෙකකට අදාළ තොරතුරුත් පොලිසිය විසින් සොයාගෙන තියෙනවා. මේ නිසා ඔහුට එරෙහිව මිනීමැරුම් කුමන්ත්රණ චෝදනාත් එල්ල වෙලා තියෙනවා.
මෙම කල්ලිය පවසන්නේ FBI ආයතනයේ සේවකයන් 38,000කගේ පෞද්ගලික තොරතුරු, නිවාස ලිපින සහ දුරකථන අංක ඇතුළු සියල්ල තමන් සතු බවයි. ඔවුන් මේ ප්රහාරය එල්ල කරලා තියෙන්නේ මුදල් ලබාගැනීමට වඩා, FBI ආයතනය තමන්ව ‘තර්ජනාත්මක කණ්ඩායමක්’ ලෙස නම් කිරීම නිසා ඇති වූ කෝපය නිසයි. මේ වන විට FBI අධ්යක්ෂ කාෂ් පටෙල් නෙදර්ලන්ත බලධාරීන්ට ස්තූතිය පළ කර ඇති අතර, සෙසු අපරාධකරුවන්ටත් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන ලෙස අනතුරු අඟවා තියෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් අත්අඩංගුවට ගැනීම් සිදු විය හැකි බවයි නෙදර්ලන්ත පොලිසිය පවසන්නේ.

Discussion & Feedback