ලොව පුරා ආයතන 140කට අධික සංඛ්‍යාවක දත්ත සොරකම් කරමින් දැවැන්ත තර්ජනයක් එල්ල කර තිබූ ShinyHunters හැකර් කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයෙක් නෙදර්ලන්ත පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඇමරිකාවේ FBI ආයතනය සහ නෙදර්ලන්ත බලධාරීන් ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකින් පසුව, ඇම්ස්ටර්ඩෑම් නුවර පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට පත්වුණා. මොහු Ticketmaster, AT&T සහ Pornhub වැනි දැවැන්ත ආයතනවල දත්ත සොරාගෙන කප්පම් ඉල්ලා සිටි බවටයි චෝදනා එල්ල වෙලා තියෙන්නේ. මෑතකදී FBI ආයතනයේම දත්ත පද්ධතියට පහර දී එහි නිලධාරීන්ගේ පෞද්ගලික තොරතුරු පවා ලබාගැනීමට මොවුන් සමත් වුණා.
කෙසේ වෙතත්, මේ අත්අඩංගුවට ගැනීම තවත් බරපතල පැතිකඩක් කරා යොමු වී තිබෙනවා. සැකකරුගේ ලැප්ටොප් පරිගණකය පරීක්ෂා කිරීමේදී, විදේශ රටක සිදුකිරීමට සැලසුම් කර තිබූ මිනීමැරුම් දෙකක් පිළිබඳ තොරතුරු පොලිසියට හමුවී තියෙනවා. මේ නිසා සයිබර් අපරාධවලට අමතරව මිනීමැරුම් කුමන්ත්‍රණයක් සම්බන්ධයෙනුත් ඔහුට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ වන විට ඔහුව දින 90ක කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා. තමන්ගේ සගයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ShinyHunters කණ්ඩායම අදහස් දක්වමින් පවසා තිබෙන්නේ, අත්අඩංගුවට ගත් පුද්ගලයා තමන්ගේ කණ්ඩායම සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. කෙසේ වෙතත්, FBI ආයතනය පවසන්නේ ඉතිරි හැකර්වරුන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

Discussion & Feedback