මේ දවස්වල නෙදර්ලන්තයේ බලධාරීන් හරිම භයානක අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. ඒ තමයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව සහිත අලුත්ම වර්ගයේ එක්ස්ටසි (Ecstasy) මත්පෙති වගයක් ගැන. මේ පෙතිවල එක පැත්තක ට්‍රම්ප්ගේ මූණේ හැඩයත්, අනිත් පැත්තේ ‘Trump’ සහ ‘NL’ කියන වචනත් ගහලා තියෙනවා. මේ පෙති පරීක්ෂා කරපු ට්‍රිම්බෝස් ආයතනය කියන විදිහට, මේවා ඇතුළේ PMMA කියන ඉතාම භයානක රසායනික ද්‍රව්‍යය අධික මාත්‍රාවකින් අඩංගු වෙලා තියෙනවා. මේ ද්‍රව්‍යය ශරීරයට ඇතුළු වුණාම ශරීරයේ උෂ්ණත්වය හුඟක් වැඩි වෙලා මරණය පවා සිද්ධ වෙන්න පුළුවන් කියලා තමයි ඔවුන් අනතුරු අඟවන්නේ.
මේ පෙති සම්බන්ධයෙන් කිසිම කෙනෙක් මියගිය බවට හෝ අසනීප වුණාට වාර්තා වෙලා නැති වුණත්, බලධාරීන් කියන්නේ මේවා කොහෙත්ම පාවිච්චි කරන්න එපා කියලයි. මේක ඇත්තටම මාරාන්තික තත්ත්වයක් නිසා, මොනම හේතුවක් උඩවත් මේ පෙති අතපත ගාන්නවත්, පාවිච්චි කරන්නවත් එපා කියලා ඔවුන් දැඩිව අවවාද කරනවා. විශේෂයෙන්ම තරුණ පරපුර මේ වගේ දේවල්වලට හරිම ඉක්මනින් ඇබ්බැහි වෙන්න ඉඩ තියෙන නිසා, මේ ගැන ගොඩක් පරිස්සම් වෙන්න කියලා තමයි ලන්දේසි බලධාරීන් ලෝකයටම මතක් කරලා දෙන්නේ. මොනම විදිහකින්වත් මේ වගේ මත්ද්‍රව්‍යවලට හුරු වෙන්න එපා කියන එක තමයි අපේ රටේ ඉන්න තරුණ තරුණියන්ටත් දෙන අවවාදය.

Discussion & Feedback