වසර දහයකට පෙර හදිසියේම නතර වුණු ඩුබායි ජාත්යන්තර චිත්රපට උළෙල (DIFF) 2027 දෙසැම්බර් 8 වැනිදා සිට නැවත ආරම්භ කරන බව ඩුබායි මාධ්ය කවුන්සිලය නිවේදනය කර තිබෙනවා. 2004 වසරේ සිට ඉතා සාර්ථකව පැවැත්වුණු මෙම උළෙල 2018 වසරේදී නතර කිරීම මුළු අරාබි සිනමා ක්ෂේත්රයටම ලොකු කම්පනයක් වුණා. කෙසේ වෙතත්, මෙවර පැවැත්වෙන උළෙල මීට පෙර පැවති උළෙලට වඩා වෙනස් එකක් වනු ඇති බවයි බලධාරීන් පවසන්නේ. අතීතයේ පැවති ග්ලැමර් සහ දේශපාලනික මතවාදවලට වඩා, මෙවර උළෙල පවුලේ සැමට නැරඹිය හැකි, දේශපාලනයෙන් තොර නිර්මාණ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සංවිධානය කිරීමට නියමිතයි.
මේ අතර, සෞදි අරාබියේ පැවැත්වීමට නියමිත රෙඩ් සී (Red Sea) චිත්රපට උළෙල සම්බන්ධයෙන් මේ වන විට යම් අවිනිශ්චිත තත්ත්වයක් මතුව තිබෙනවා. කලාපයේ පවතින යුද ගැටුම් සහ ආරක්ෂක තත්ත්වයන් හේතුවෙන් මෙම උළෙල පැවැත්වේද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් ලැබී නැහැ. විශේෂයෙන්ම ඉරානය සහ අසල්වැසි රටවල් අතර පවතින නොසන්සුන්කාරී වාතාවරණය සහ හූති කැරලිකරුවන්ගේ තර්ජන නිසා සෞදි අරාබියේ සිනමා උළෙලට බාධා එල්ල විය හැකි බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත්, ඩුබායි හි මෙම නව ආරම්භය මැදපෙරදිග සිනමා ක්ෂේත්රයට නැවුම් බලාපොරොත්තුවක් එක් කර තිබෙනවා.

Discussion & Feedback