මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියලි කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, සබරගමුව පළාතේත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වෙන්න පුළුවන්. දවල් දෙකෙන් පස්සේ ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන්න ඉඩ තියෙනවා.
මේ අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද පළාතේත්, මොනරාගල, පුත්තලම, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රදේශවල ඉන්න ජනතාව ගොඩක් කල්පනාවෙන් ඉන්න ඕනේ.
විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි ඇතිවෙන වෙලාවට අකුණු අනතුරු සහ තද සුළං නිසා සිදුවිය හැකි හානි අවම කරගන්න අවශ්‍ය පියවර ගන්න කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කාලගුණයේ මේ වෙනස්කම් ගැන සැලකිලිමත් වෙලා ආරක්ෂිතව කටයුතු කරන්න කියලා අපිත් මතක් කරනවා.

Discussion & Feedback