ලොව පුරා අතිශය ජනප්රිය ඇනිමේ මාලාවක් වන ඩ්රැගන් බෝල් (Dragon Ball) රසිකයන්ට මේ දිනවල ලැබෙන්නේ ඉතාමත් උද්යෝගිමත් ආරංචියක්. වසර දහයකට අධික කාලයක් රසිකයන් අතර ජනප්රියව පැවති ‘Dragon Ball Xenoverse 2’ ක්රීඩාවට සමුදෙමින්, එහි අවසාන DLC එක හරහා ගොකුගේ අලුත්ම සහ අතිශය බලගතු රූපයක් හඳුන්වා දී තිබෙනවා. ‘Ultra Supervillain Quelled’ ලෙස නම් කර ඇති මෙම නව රූපය, ගොකුගේ පෙර තිබූ ඕනෑම බලයකට වඩා ප්රබල බවයි පැවසෙන්නේ. නිල් සහ කොළ පැහැති ආලෝකයකින් බැබළෙන මෙම නව ස්වරූපය, ඇනිමේ හෝ මංගා මාලාවල මෙතෙක් දැක නොමැති තරම් බලගතු එකක් වීම විශේෂත්වයක්.
අකිරා ටොරිගාමා මහතාගේ අභාවයෙන් පසු ඩ්රැගන් බෝල් කතා මාලාව නව යුගයකට පා තබන අතර, 2026 වසරේදී නව ව්යාපෘති රැසක් ආරම්භ වීමට නියමිතයි. Xenoverse 2 ක්රීඩාව අවසන් වුවත්, රසිකයන්ට වැඩි කලක් දුක් වීමට ඉඩක් නැහැ. මන්ද, 2027 වසරේදී බලාපොරොත්තු තබා ඇති ‘Dragon Ball Xenoverse 3’ ක්රීඩාව සහ තවත් නව ඇනිමේ නිර්මාණ හරහා ඩ්රැගන් බෝල් ලෝකය නැවතත් කරළියට පැමිණෙන නිසයි. ටෝකියෝ නුවර පැවති 40 වන සංවත්සර උත්සවයේදී මේ පිළිබඳව නිල වශයෙන් ප්රකාශයට පත් කළ අතර, ගොකු සහ ඔහුගේ මිතුරන්ගේ නව ගමන ආරම්භ වීමට තවත් වැඩි කාලයක් ගත නොවනු ඇති බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback