ලොව පුරා සිටින මිලියන ගණනක් රසිකයන් ආදරය කරන ඩ්‍රැගන් බෝල් ලෝකයේ තවත් සුවිශේෂී පරිච්ඡේදයක් අවසන් වෙන්නයි යන්නේ. 2016 වසරේදී එළිදැක්වූ ජනප්‍රිය Dragon Ball Xenoverse 2 ක්‍රීඩාව සඳහා වසර දහයක් පුරා ලබාදුන් සහයෝගය අවසන් කරමින්, එහි අවසාන DLC එක වන ‘Future Saga Chapter 4’ ජූලි 8 වැනිදා නිකුත් කිරීමට නියමිතයි. මේ වසර දහය තුළ 21 වතාවක් අලුත් වූ මෙම ක්‍රීඩාව, ගොකු ඇතුළු ප්‍රියතම චරිත සමඟින් රසිකයන්ට අමතක නොවන අත්දැකීම් රාශියක් ලබා දුන්නා. මෙම අවසාන යාවත්කාලීන කිරීම හරහා නව කතා මාලාවක්, චරිත සඳහා නව වෙනස්කම් සහ ගොකුගේ අලුත්ම ස්වරූපයක් පවා දැකගන්න පුළුවන් වේවි.
කෙසේ වෙතත්, Xenoverse 2 අවසන් වුණාට ඩ්‍රැගන් බෝල් රසිකයන්ට දුක් වෙන්න දෙයක් නැහැ. මොකද 2027 වසරේදී Dragon Ball Xenoverse 3 නමින් අලුත්ම ක්‍රීඩාවක් එන්න නියමිතයි. අකිරා ටොරිගාමාගේ නිර්මාණශීලී දායකත්වය සහිතව, වඩාත් දියුණු සහ විචිත්‍රවත් ‘වෙස්ට් සිටි’ නගරය කේන්ද්‍ර කර ගනිමින් මෙම නව ක්‍රීඩාව නිර්මාණය වෙනවා. පැරණි මතකයන් අලුත් කරගන්නා අතරම, අලුත් ලෝකයක නව චරිත සමඟින් වික්‍රමාන්විත ගමනක් යන්න රසිකයන්ට ඉදිරියේදී අවස්ථාව ලැබෙනවා. කොහොම වුණත්, ජූලි 8 වැනිදා නිකුත් වන මෙම අවසාන පරිච්ඡේදය ඩ්‍රැගන් බෝල් ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වනු නොඅනුමානයි.

Discussion & Feedback