ඩ්රැගන් බෝල් රසිකයන් ගොඩක් ආස කරන ප්රබලම චරිතයක් තමයි ගොගීටා කියන්නේ. ගොකු සහ වෙජීටා එකතු වෙලා හැදෙන මේ අපූරු චරිතය නැවතත් ක්රීඩාවට එකතු කරන්න ඩ්රැගන් බෝල් ආයතනය තීරණය කරලා තියෙනවා. මේ සැප්තැම්බර් 9 වැනිදා පටන් ගන්න ‘ඩ්රැගන් බෝල් ගෙකිෂින් ස්කොඩ්රා’ (Dragon Ball Gekishin Squadra) ක්රීඩාවේ 7 වැනි වාරයත් එක්ක තමයි සුපර් ගොගීටා නැවතත් අපිට දකින්න ලැබෙන්නේ. මේක ක්රීඩාවේ පළමු වැනි සංවත්සරය සමරන්න කරන විශේෂ වැඩසටහනක් විදිහට තමයි ඔවුන් හඳුන්වලා දෙන්නේ.
මේ අලුත්ම අප්ඩේට් එකත් එක්ක ගොගීටා විතරක් නෙවෙයි, ඇන්ඩ්රොයිඩ් 19 සහ සැන්-ෂින්රොන් වගේ අලුත් චරිතත් ක්රීඩාවට එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, ක්රීඩකයන්ට නොමිලේ G-Capsules 140ක් දක්වා ලබාගන්නත්, තවත් විශේෂ දීමනා රැසක් භුක්ති විඳින්නත් මේ කාලය තුළ පුළුවන් වෙනවා. 2025 වසරේදී එළිදැක්වුණු මේ 4v4 කණ්ඩායම් සටන් ක්රීඩාව, ඉදිරියේදී තවත් විශාල වෙනස්කම් රැසක් එක්ක අලුත් වෙන්නත් නියමිතයි.
විශේෂයෙන්ම 2026 අවසාන වෙද්දී මේ ක්රීඩාවේ කැමරා කෝණ සහ සටන් ක්රමවේදයන් වඩාත් පහසු සහ ආකර්ෂණීය විදිහට වෙනස් කරන්න බන්ඩායි නම්කෝ ආයතනය සැලසුම් කරලා තියෙනවා. ඉතින් ඔයාලා ඩ්රැගන් බෝල් රසිකයෙක් නම්, මේ අලුත් වෙනස්කම් එක්ක ගොගීටා පාලනය කරලා සටන් කරන්න ලැබෙන අවස්ථාව මගහැර ගන්න එපා.

Discussion & Feedback