Dragon Ball රසිකයන්ට ගොඩක් සතුටු වෙන්න පුළුවන් ආරංචියක් ඇවිත් තියෙනවා. ඒ තමයි Dragon Ball: Sparking! Zero ක්රීඩාවට අලුත්ම ‘Limit Breaker Journey’ කියලා single-player mode එකක් එකතු වෙන්න යන එක. මේක එන්නේ එළඹෙන ජූලි 30 වෙනිදා නිකුත් වෙන්න නියමිත ‘Super Limit-Breaking NEO’ DLC එකත් එක්ක. මේ අලුත් update එක හරහා අලුත් චරිත 33ක් සහ තවත් අලුත් දේවල් ගොඩක් ක්රීඩාවට එකතු වෙනවා. විශේෂයෙන්ම මේ Limit Breaker Journey කියන mode එකෙන් ක්රීඩකයන්ට තමන් කැමති චරිතයක් තෝරගෙන ඒකේ හැකියාවන් සහ stats තමන්ට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන් වෙනවා.
මේක හරියට roguelike ක්රීඩාවක් වගේ අත්දැකීමක් ලබා දෙනවා. ඔයාට සීමිත stamina එකක් සහ Senzu Beans පාවිච්චි කරලා තමයි සටන් කරන්න වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ විදිහට ඔයා හදාගන්න චරිත වෙනත් offline සහ online modes වලදීත් පාවිච්චි කරන්න පුළුවන් වීම විශේෂත්වයක්. මේකෙන් ක්රීඩාවේ තියෙන දුර්වල චරිත පවා ඔයාගේ කැමැත්තට අනුව බලවත් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින්, තව සතියකින් මේ අලුත් අත්දැකීම PlayStation 5, PC, Xbox සහ Switch වගේ හැම platform එකකම ක්රීඩකයන්ට අත්විඳින්න පුළුවන් වෙනවා.

Discussion & Feedback