තායිලන්තයේ දකුණු දිග ප්රදේශවල එකවර ක්රියාත්මක වූ ගිනි තැබීම් සහ ප්රහාර මාලාවක් නිසා මේ වන විට දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. තායි හමුදාව පවසන විදිහට, සෙනසුරාදා රාත්රියේ පැය කිහිපයක් ඇතුළත ස්ථාන 50කට වඩා වැඩි ගණනක මෙවැනි ප්රහාර එල්ල කර තිබෙනවා. නාරතිවාත්, යාලා සහ පත්තානි යන පළාත්වල තමයි මේ ප්රහාර වැඩිපුරම වාර්තා වෙලා තියෙන්නේ. මේ සිදුවීම්වලින් රජයේ කාර්යාල, වෙළඳසැල් සහ විදුලි සංදේශ කුළුණු පවා ගිනි තබා විනාශ කරලා තියෙනවා. මේ ප්රහාරවලින් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, ප්රදේශයේ ආරක්ෂාව තර කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
2004 වසරේ ඉඳන් තායිලන්තයේ දකුණු දිග ප්රදේශවල මුස්ලිම් බහුතරයක් ජීවත් වන ප්රදේශවල ස්වාධීනත්වය ඉල්ලා සටන්කාමීන් සහ රජයේ හමුදා අතර ගැටුම් පවතිනවා. මේ දක්වා සිදුවූ ප්රචණ්ඩ ක්රියා නිසා පුද්ගලයන් 7,000කට වඩා ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. මේ ප්රහාරවල වගකීම කිසිදු කණ්ඩායමක් මෙතෙක් භාරගෙන නැහැ. ඉදිරි සතියේදී තායි අගමැතිවරයා ඇතුළු කණ්ඩායමක් දකුණු දිග ප්රදේශයේ සංචාරයකට නියමිතව තිබියදී මෙවැනි ප්රහාර මාලාවක් සිදුවීම විශේෂත්වයක්. කෙසේ වෙතත්, මේ වන විට ප්රදේශයේ තත්ත්වය පාලනය කර ඇති අතර, සැකකටයුතු දේවල් ස්පර්ශ නොකරන ලෙස ආරක්ෂක අංශ ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

Discussion & Feedback