ඉතාලියේ බොලොඤ්ඤා නුවරදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ මොරොක්කෝ ජාතික අබ්දෙරාහිම් ෆකීර් නම් පුද්ගලයෙකු මියයාමත් සමඟ ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. සිද්ධිය සිදුවන අවස්ථාවේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරීමත් සමඟ දහස් ගණනක් ජනතාව වීදි බැස සාධාරණය ඉල්ලා උද්ඝෝෂණය කළා. පොලිස් නිලධාරීන් ඔහුව බිම දමා තදින් අල්ලාගෙන සිටින අයුරුත්, ඔහු වේදනාවෙන් කෑගසන අයුරුත් එම වීඩියෝවේ පැහැදිලිවම දකින්න ලැබෙනවා. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනා යටතේ පොලිස් නිලධාරීන්ට සහ එම ස්ථානයේ සිටි වෛද්‍ය කණ්ඩායම්වලට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා.
මේ උද්ඝෝෂණය අතරතුර ඇතිවූ ගැටුම්වලින් පොලිස් නිලධාරීන් 64 දෙනෙකු තුවාල ලබා ඇති අතර, වාහන කිහිපයකටත් ගිනි තබා තිබෙනවා. ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි පවසන්නේ සිද්ධිය පිළිබඳ සත්‍යය සොයා බැලීම අත්‍යවශ්‍ය වුවත්, පොලිසියට එරෙහිව ප්රචණ්ඩත්වය පෑම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි. මියගිය ෆකීර්ගේ පවුලේ අය පවසන්නේ ඔහු කිසිදු ආයුධයක් නොමැතිව අසරණව සිටි අයෙකු බවත්, ඔහුට හිමිවිය යුතු ගෞරවය සහ සාධාරණය ඉල්ලා සිටින බවත්ය. කෙසේ වෙතත්, පොලිස් වෘත්තීය සමිති පවසන්නේ එම අවස්ථාවේ පොලිසිය ක්‍රියා කළ ආකාරය නිවැරදි බවයි. මේ වන විට නගරයේ තත්ත්වය පාලනය කිරීමට බලධාරීන් පියවර ගනිමින් සිටිනවා.

Discussion & Feedback