දැන් ඔයාලට කෑම ඕඩර් කරන්න ඇප් එක ඇතුළට ගිහින් ගොඩක් වෙලා මහන්සි වෙන්න ඕන වෙන්නේ නැහැ. DoorDash සමාගම අලුතෙන්ම හඳුන්වා දීපු AI තාක්ෂණය නිසා ඔයාලට මැසේජ් එකක් හරහාම කෑම ඕඩර් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා හැමදාම සිකුරාදට ගන්න කෑම එක ඕඩර් කරන්න ඕන නම්, ‘order my usual’ කියලා මැසේජ් එකක් යැව්වම ඒ AI එකට තේරෙනවා ඔයාට ඕන මොකක්ද කියලා. ඒ විතරක් නෙවෙයි, ඔයාට මොන වගේ කෑමක්ද ඕන කියලා ඇහුවම ඒ අවට තියෙන හොඳම කෑම වර්ග ගැනත් මේ AI එකෙන් නිර්දේශ ලබා දෙනවා. කෑමවල ෆොටෝ පවා මැසේජ් එකෙන්ම බලාගන්න පුළුවන් වීම මෙහි තියෙන විශේෂත්වයක්.
මේ අලුත් පහසුකම නිසා කණ්ඩායමක් එක්ක කෑම ඕඩර් කරන එකත් හරිම ලේසි වෙනවා. මොකද එක එක අයගේ කෑම රුචිකත්වයන් සහ ප්රමාණයන් අනුව එකම ඕඩරයකින් මේ වැඩේ කරගන්න පුළුවන්. Uber Eats සහ Grubhub වගේ සමාගම් එක්ක තරඟ කරන්න DoorDash මේ විදිහට අලුත් තාක්ෂණයන් හඳුන්වා දෙනවා. දැනට මේ පහසුකම ඇමරිකාවේ ඉන්න අයට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම DoorDash සමාගම උතුරු කැලිෆෝනියාවේ තෝරාගත් අවන්හල් කිහිපයක් එක්ක එකතු වෙලා ඩ්රෝන් යානා මගින් කෑම බෙදාහැරීමේ අත්හදා බැලීම් පවා පටන් අරන් තියෙනවා. ඉස්සරහට අපේ රටෙත් මේ වගේ පහසුකම් ලැබෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback