අපේ රටේ ගොවීන්ට නිකම්ම යන්ත්‍රෝපකරණ විකුණනවා වෙනුවට, ඔවුන්ගේ ආදායම වැඩි කරගන්න පුළුවන් විදියේ නවීන කෘෂිකාර්මික විසඳුම් හඳුන්වා දෙන්න කියලා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටිනවා. ගොවීන් මුහුණ දෙන ලොකුම ප්රශ්නය තාක්ෂණය නැතිකම නෙවෙයි, ඒ තාක්ෂණය මිලදී ගන්න බැරි ආර්ථික පසුබිමක් ඔවුන්ට තිබීමයි. අක්කර දෙක තුනක් වගා කරන සාමාන්‍ය ගොවියෙකුට ලක්ෂ ගණන් වටිනා යන්ත්‍ර මිලදී ගන්න බැරි නිසා, මේ සමාගම් ඔවුන්ගේ ව්‍යාපාරික හවුල්කරුවන් විදිහට කටයුතු කළ යුතු බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
ගොවීන් තනි තනිව යන්ත්‍ර මිලදී ගන්නවා වෙනුවට, කණ්ඩායම් වශයෙන් එකතු වෙලා ඒ තාක්ෂණය භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේද හඳුන්වා දීම ඉතාම වැදගත්. ඒ වගේම සමුපකාර ක්‍රම හරහා ගොවීන්ට අවශ්‍ය පහසුකම් සලසලා, ඔවුන්ව කෙලින්ම වෙළඳපොළට සම්බන්ධ කරන්නත් සමාගම්වලට පුළුවන්. මේ විදිහට නිෂ්පාදන වියදම අඩු කරලා, ගොවියාගේ ආදායම වැඩි කරන්න පුළුවන් ව්‍යාපාරික ආකෘති නිර්මාණය කිරීම අත්‍යවශ්‍යයි.
2035 වසර වන විට ලෝක ආහාර සුරක්ෂිතතාවයට ලොකු අභියෝගයක් එන නිසා, අපි දැන් ඉඳන්ම අපේ කෘෂිකර්මාන්තය වාණිජමය වශයෙන් ලාභදායී ක්ෂේත්රයක් බවට පත් කරගන්න ඕනේ. දේශීයව නිපදවන තාක්ෂණයට වැඩි ආයෝජනයක් කරලා, ගොවියා දිනන ආර්ථිකයක් ගොඩනඟන්න හැමෝම එකතු වෙන්න ඕනේ කියලා නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

Discussion & Feedback