ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ ‘ටෘත් සෝෂල්’ (Truth Social) සමාජ මාධ්ය වේදිකාව හරහා නිකුත් කරන තොරතුරු වේගයෙන් ලබා ගැනීමට මාසිකව ඩොලර් ලක්ෂයක් වැනි විශාල මුදලක් අය කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි විරෝධයක් මතුවෙලා තියෙනවා. ‘ෆ්රීඩම් ඔෆ් ද ප්රෙස් ෆවුන්ඩේෂන්’ සහ ‘ද ඉන්ටර්සෙප්ට්’ යන මාධ්ය ආයතන දෙක එක්ව ෆෙඩරල් අධිකරණයේ මේ සම්බන්ධයෙන් නඩුවක් ගොනු කර තිබෙන්නේ, මෙය අතිශය දූෂිත ක්රියාවක් බව පවසමිනුයි. ජනාධිපතිවරයාගේ නිල නිවේදන මුදල් ගෙවන අයට පමණක් වේගයෙන් ලබා දීම මගින් වෙළඳපොළට බලපෑම් කළ හැකි තොරතුරු විකිණීමක් සිදුවන බවත්, මෙය ඇමරිකානු ව්යවස්ථාවේ පළමු සහ පස්වන සංශෝධන උල්ලංඝනය කිරීමක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.
මෙම ‘ට්රම්ප් ඒපීඅයි’ (Trump API) සේවාව හරහා ප්රධාන වශයෙන් කොටස් වෙළඳපොළ ආයතන ඉලක්ක කරගෙන තොරතුරු ලබා දීම සිදුවෙනවා. මේ නිසා සාමාන්ය මාධ්ය ආයතනවලට අසාධාරණයක් සිදුවන බවත්, තොරතුරු දැනගැනීමේ අයිතියට බාධාවක් වන බවත් පැමිණිලිකරුවන් පවසනවා. ට්රම්ප් මාධ්ය සමාගම මේ වන විටත් විශාල පාඩුවක් ලබා ඇති නිසා, මෙම සේවාව හරහා ආදායම් උපයා ගැනීමට උත්සාහ කළත්, එය නීති විරෝධී බවයි මාධ්ය ආයතන තර්ක කරන්නේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ධවල මන්දිරයෙන් හෝ ට්රම්ප්ගේ සමාගමෙන් තවමත් නිල ප්රතිචාරයක් ලැබී නැහැ. ඉදිරියේදී අධිකරණය මගින් මෙම සේවාව තහනම් කරනු ඇතිද යන්න පිළිබඳව බොහෝ දෙනා අවධානයෙන් ඉන්නවා.

Discussion & Feedback