ඇමරිකාවේ 250 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ දැවැන්ත උත්සවය අතරතුර ඇති වූ දැඩි අයහපත් කාලගුණය නිසා ජාතික උද්යාන භූමියෙන් ජනතාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගත්තා. දවස පුරා පැවති අධික උණුසුම් කාලගුණයෙන් පසුව හදිසියේම ඇති වූ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් මෙම තීරණය ගත්තේ සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙනුයි. කෙසේ වෙතත්, කාලගුණය කෙතරම් අයහපත් වුවත් තමන් අනිවාර්යයෙන්ම සිය කතාව පවත්වන බව ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා. ඔහු පවසන්නේ වේලාව කොපමණ පසුවුවත්, තමන් ජනතාව අමතන බවයි.
ට්රම්ප් තමන්ගේ සමාජ මාධ්ය ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ වැස්ස හෝ කුණාටු තමන්ගේ උත්සහය වළක්වන්නේ නැති බවයි. “වැස්සත් අව්වත් අපි මේ සැමරුම පවත්වනවා” යනුවෙන් ඔහු අවධාරණය කරනවා. මේ වන විට ආරක්ෂක අංශ විසින් නැවතත් උත්සව භූමියට ඇතුළු වීමට අවසර ලබා දී ඇති අතර, රාත්රී 11ට පමණ කතාව ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. කෙසේ වෙතත්, මේ වන විටත් බොහෝ දෙනා උත්සව භූමියෙන් ඉවත් වී සිටින නිසා ට්රම්ප්ගේ මෙම තීරණය කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා. කුමන බාධක පැමිණියත් ඇමරිකානු ජාතික අභිමානය වෙනුවෙන් තමන් පෙනී සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්රකාශ කරන්නේ.

Discussion & Feedback