ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ දෙවන ධුර කාලයේ පළමු වසර තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 2.2ක අතිවිශාල ආදායමක් උපයාගෙන තියෙනවා. රජයේ ආචාරධර්ම කාර්යාලය විසින් නිකුත් කරපු වාර්තාවකට අනුව, මේ ආදායමෙන් වැඩි කොටසක් ලැබිලා තියෙන්නේ තාක්ෂණික ක්ෂේත්රයේ සහ ක්‍රිප්ටෝ මුදල් ආයෝජන හරහායි. විශේෂයෙන්ම ට්‍රම්ප්ගේම ව්‍යාපාරයක් වන ‘වර්ල්ඩ් ලිබර්ටි ෆිනෑන්ෂල්’ හරහා පමණක් ඔහු ඩොලර් මිලියන 798ක් උපයාගෙන තියෙනවා. ඊට අමතරව, එන්විඩියා සහ ඇමසන් වැනි දැවැන්ත සමාගම්වල කොටස් හරහාත් ඔහු විශාල ලාභයක් ලබාගෙන තියෙනවා.
මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ට්‍රම්ප් කිව්වේ කොටස් වෙළඳපොළ ඉහළ යාම නිසා තමන්ට මේ ලාභය ලැබුණු බවයි. තමන් ධනවත් පුද්ගලයෙක් නිසා මේ ලැබෙන ආදායම සාමාන්‍ය දෙයක් බවත් ඔහු පවසා තිබෙනවා. ඒ වගේම, පළමු ආර්යාව වන මෙලනියා ට්‍රම්ප්ගේ වාර්තා චිත්‍රපටය හරහා ඇය ඩොලර් මිලියන 10.7ක ආදායමක් ලබාගෙන තියෙනවා. කෙසේ වෙතත්, මේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට වැය කළ මුදල සහ ලැබුණු ආදායම අතර පරතරය නිසා විවිධ විවේචන එල්ල වෙමින් පවතිනවා. මේ අතර, වසර ගණනාවකට පෙර තමන් රඟපෑ චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් ට්‍රම්ප්ට වෘත්තීය සමිති විශ්‍රාම වැටුපක් ලෙස ඩොලර් 77,808ක් ලැබී ඇති බවත් වාර්තාවේ සඳහන් වෙනවා.

Discussion & Feedback