ඇමරිකාවේ සිනමා සහ රූපවාහිනී කර්මාන්තය නැවතත් ලෝකයේ ඉහළම තැනට ගෙන ඒම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විශේෂ බදු සහන වැඩපිළිවෙලක් හඳුන්වා දීමට පියවර ගනිමින් ඉන්නවා. ‘මෝෂන් පික්චර්, ටෙලිවිෂන් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් රිවයිටලයිසේෂන් ඇක්ට්’ නමින් නම් කර ඇති මෙම යෝජනාව හරහා ඇමරිකාව තුළම චිත්රපට නිෂ්පාදනය කිරීම දිරිමත් කරමින් රැකියා දහස් ගණනක් බිහි කිරීමයි ඔහුගේ බලාපොරොත්තුව. මේ සම්බන්ධයෙන් ට්රම්ප් පවසන්නේ රිපබ්ලිකන් සහ ඩිමොක්රටික් පක්ෂ දෙකම එකතු වී ඉතා ඉක්මනින් මෙම නීතිය සම්මත කරගත යුතු බවයි.
ට්රම්ප්ගේ මෙම පියවරට හොලිවුඩයේ ප්රබල වෘත්තීය සමිති රැසකින්ම විශාල ප්රශංසාවක් ලැබෙනවා. විශේෂයෙන්ම ‘Teamsters’ වෘත්තීය සමිති නායක ෂෝන් ඕබ්රයන් සහ SAG-AFTRA සංගමය පවසන්නේ ඇමරිකානු සිනමා කර්මාන්තයේ නියැලෙන දහස් ගණන් සේවකයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට මෙය ඉතා වැදගත් පියවරක් බවයි. ජනප්රිය නළු ජොන් වොයිට්ගේද සහය ඇතිව ක්රියාත්මක වන මෙම වැඩපිළිවෙල, ඇමරිකාව නැවතත් ලෝක සිනමාවේ කේන්ද්රස්ථානය බවට පත් කරනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරනවා.
කෙසේ වෙතත්, දේශපාලන ක්ෂේත්රයේ ඇතැම් විචාරකයන් පවසන්නේ මෙම යෝජනාව පිටුපස ට්රම්ප්ගේ පෞද්ගලික දේශපාලන අරමුණු පවතින බවයි. විපක්ෂයේ ප්රබලයන් සමඟ සාකච්ඡා කිරීමේ අඩුවක් පවතින බවත්, මෙය ට්රම්ප්ගේම වැඩසටහනක් ලෙස ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන බවත් වාර්තා වෙනවා. කෙසේ වෙතත්, හොලිවුඩයේ නිෂ්පාදන කටයුතු නැවත ඇමරිකාවට ගෙන්වා ගැනීමේ මෙම උත්සාහය මේ වන විට මුළු රටේම අවධානය දිනාගෙන තියෙනවා.

Discussion & Feedback