පසුගිය අගෝස්තු මාසයේදී අභාවප්‍රාප්ත වූ ලොව ප්‍රකට ගායිකා ඩොලී පාර්ටන්ගේ ව්‍යාපාරික කටයුතු සහ ඇගේ උරුමය සම්බන්ධයෙන් මේ වන විට බරපතළ මතභේදයක් නිර්මාණය වෙලා තියෙනවා. ඩොලීගේ කළමනාකාරීත්වය භාරව සිටින ‘ෂීස් අලයිව්’ (She’s Alive) ආයතනය විසින් ඇගේ බෑණනුවන් වන බ්‍රයන් සීවර්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා. බ්‍රයන් තමන්ට තර්ජනය කරන බවත්, බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමට උත්සාහ කරන බවත් ඔවුන් අධිකරණයට පවසා තිබෙනවා. විශේෂයෙන්ම ඩොලීගේ ව්‍යාපාරික අධිරාජ්‍යය විනාශ කරන බවට ඔහු තර්ජනය කර ඇති බවටයි චෝදනා එල්ල වෙලා තියෙන්නේ.
බ්‍රයන් සීවර් වසර විස්සක් පුරා ඩොලීගේ ආරක්ෂක ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙක්. කෙසේ වෙතත්, පසුගිය සතියේ ඔහුව එම තනතුරෙන් ඉවත් කිරීමට කළමනාකාරීත්වය පියවර ගත්තා. තමන්ට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බ්‍රයන් පවසන්නේ, තමන් සහ කළමනාකාරීත්වය අතර සිදුවූ පෞද්ගලික සංවාද වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි. තමන් හමුදා කොන්ත්‍රාත්කරුවෙකු ලෙස කටයුතු කරන අයෙක් නිසා තමන්ගේ කතා විලාසය තරමක් රළු විය හැකි බවත්, නමුත් කිසිවෙකුට තර්ජනය කිරීමට තමන් අදහස් නොකළ බවත් ඔහු වැඩිදුරටත් පවසනවා. මේ වන විට මෙම ගැටුම නිසා ඩොලීගේ ව්‍යාපාරික ආයතනයේ සේවකයින්ට පවා ආරක්ෂාව ලබා දීමට සිදුව තිබෙන බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback