මේ දවස්වල අපේ රටේ සිදුවන රිය අනතුරු වලින් සියයට තිහක්ම සිදුවෙන්නේ පාරේ ඉන්න බල්ලන් නිසා කියන කාරණාව විශේෂඥයන් විසින් අනාවරණය කරලා තියෙනවා. සත්ව කළමනාකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය චමිත් නානායක්කාර මහතා පවසන විදිහට, මේ තත්ත්වය රටේ ආර්ථිකයටත් ලොකු බලපෑමක් කරනවා. මොකද බල්ලන් දෂ්ට කිරීම් නිසා ඇතිවන තුවාල වලට ප්‍රතිකාර කරන්න සහ රේබීස් එන්නත් ලබා දෙන්න විතරක් රජය අවුරුද්දකට රුපියල් බිලියනයක් විතර වියදම් කරනවා. මේ සත්තු පාරට වැටෙන්නේ මිනිස්සුන්ගේ වගකීම් විරහිත ක්‍රියා නිසා බවත්, කසළ කළමනාකරණය නිසි විදිහට සිදු නොවීමත් මේ ප්රශ්නය තවත් උග්‍ර වෙන්න හේතු වෙලා තියෙනවා.
මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් විදිහට අලුතින් නීතියක් ගේන්න කටයුතු කරනවා. ඒ අනුව අයිතිකරුවන් ඉන්න හැම බල්ලෙක්ම අනිවාර්යයෙන්ම ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි කරන්න ඕනේ. අයිතිකරුවන් නැති පාරේ ඉන්න බල්ලන්ගේ වගකීම සම්පූර්ණයෙන්ම ප්‍රාදේශීය සභාවලට පැවරෙනවා. රජය මගින් මේ සතුන්ව එන්නත් කිරීම සහ වන්ධ්‍යාකරණය කිරීම සිදු කරන නිසා පාරේ කිසිම සතෙක් අසරණ වෙන්නේ නැහැ. සතුන්ගේ සුභසාධනය සහ මහජන ආරක්ෂාව යන දෙකම සමබරව පවත්වාගෙන යන්න මේ වැඩපිළිවෙල ගොඩක් වැදගත් වෙනවා කියලා තමයි වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

Discussion & Feedback