‘ඩොක්ටර් හූ’ (Doctor Who) වැනි ජනප්රිය ටෙලි නාට්ය සහ චිත්රපට හරහා ලෝකය පුරා ප්රසිද්ධියට පත් බ්රිතාන්ය නළු නොයෙල් ක්ලාක්ට එරෙහිව බරපතළ ලිංගික අපයෝජන චෝදනා එල්ල වෙලා තියෙනවා. බ්රිතාන්ය පොලිසිය විසින් ඔහුට එරෙහිව ලිංගික අපයෝජන චෝදනා දෙකක්, රහසිගතව නිරීක්ෂණය කිරීමේ (voyeurism) චෝදනා තුනක් සහ අසභ්ය ලෙස හැසිරීමේ චෝදනාවක් ඇතුළු නඩු කිහිපයක් පවරා තිබෙනවා. 2007 සහ 2016 අතර කාලයේදී කාන්තාවන් පස් දෙනෙකුට සිදු කළ බව කියන අපයෝජන සම්බන්ධයෙන් තමයි මේ පරීක්ෂණ සිදුවෙන්නේ.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී අත්අඩංගුවට ගත් ක්ලාක්ව, මේ මස 21 වනදා වෙස්ට්මිනිස්ටර් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මීට වසර කිහිපයකට පෙර ‘ද ගාඩියන්’ පුවත්පත විසින් ඔහුට එරෙහිව කාන්තාවන් විසි දෙනෙකුට වැඩි පිරිසක් චෝදනා එල්ල කර තිබුණත්, ඔහු ඒ සියල්ල එකහෙළාම ප්රතික්ෂේප කර තිබුණා. කෙසේ වෙතත්, මේ සිදුවීම් මාලාවත් එක්කම ඔහුගේ රංගන ජීවිතයට විශාල බලපෑමක් එල්ල වෙලා තියෙන අතර, පසුගිය කාලය පුරාම ඔහු කිසිදු නිර්මාණයකට දායක වෙලා නැහැ.
‘කිඩ්ල්හුඩ්’ (Kidulthood) වැනි සාර්ථක චිත්රපට නිර්මාණය කරමින් සහ ‘ස්ටාර් ට්රෙක්’ වැනි චිත්රපටවල රඟපාමින් හොලිවුඩයේ කැපී පෙනෙන චරිතයක් වුණු නොයෙල් ක්ලාක්, මේ වන විට නීතිය ඉදිරියේ තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට සූදානම් වෙනවා. මේ සිදුවීමත් එක්කම බ්රිතාන්ය කලා ක්ෂේත්රයේ විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා.

Discussion & Feedback