ලෝක ප්‍රසිද්ධ වෙබ්ටූන් (Webtoon) කතා මාලාවක් ඇසුරින් නිර්මාණය වුණු ‘The Remarried Empress’ කතා මාලාව එළඹෙන නොවැම්බර් 4 වැනිදා සිට Disney+ ඔස්සේ විකාශය කිරීමට සියල්ල සූදානම් කරලා තියෙනවා. මේක Disney සමාගම මෙතෙක් නිෂ්පාදනය කරපු වියදම් අධිකම K-drama එක විදිහට තමයි සැලකෙන්නේ. කතා මාලාවේ පළමු කොටස් හතර නොවැම්බර් මාසයේ මුල් සතියේදීම නිකුත් කරන අතර, ඉන්පසුව සෑම සතියකම කොටස් දෙක බැගින් විකාශය කරලා නොවැම්බර් 25 වැනිදා අවසාන කොටස විකාශය කරලා ඉවර කරන්නයි ඔවුන් සැලසුම් කරලා තියෙන්නේ.
මේ කතාව ගෙතෙන්නේ නැවියර් අධිරාජිනිය, ඇගේ සැමියා වන සොවියෙෂු අධිරාජයා සහ රාෂ්ටා කියන තරුණිය වටායි. සැමියාගේ අලුත් ආදර සම්බන්ධතාවය නිසා ඇතිවන ගැටලු සහ ඉන්පසුව සිදුවන දේශපාලනික සහ පෞද්ගලික අර්බුද ඉතාම ආකර්ෂණීය විදිහට මෙහි පෙළගස්වලා තියෙනවා. ප්‍රධාන චරිත සඳහා ෂින් මින්-ආ, ජු ජි-හූන් සහ ලී සේ-යොං වැනි ජනප්‍රිය නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. චෝ සු-වොන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මේ නිර්මාණය, ලොව පුරා බිලියන තුනකට අධික ප්‍රේක්ෂක පිරිසක් නැරඹූ වෙබ්ටූන් එකක් නිසා මේ ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
බුසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදීත් මේ කතා මාලාවේ මුල් කොටස් කිහිපයක් ප්‍රදර්ශනය කරන්න නියමිතයි. Disney+ වේදිකාවේ මේ වසරේ එන විශාලතම නිර්මාණයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින්, ආදරය සහ කුමන්ත්‍රණ පිරුණු මේ අපූරු කතාව බලන්න නොවැම්බර් මාසය එනකම් ඔයාලටත් දැන්ම ඉඳන්ම බලාගෙන ඉන්න පුළුවන්.

Discussion & Feedback