ලොව පුරා රසිකයින් අතර දැඩි කතාබහට ලක්වුණු ඩිස්නි ප්ලස් හි අපරාධ සහ දේශපාලන ත්රාසජනක කතා මාලාවක් වන ‘මේඩ් ඉන් කොරියා’ (Made in Korea) හි දෙවන සහ අවසන් සමය එළිදැක්වීමට සියල්ල සූදානම්. ‘ක්රෑෂ් ලෑන්ඩින් ඔන් යූ’ හරහා ලොවම දිනාගත් හියුන් බින් සහ ජුන්ග් වූසුන්ග් ප්රධාන චරිත නිරූපණය කරන මෙම කතා මාලාව, පසුගිය වසරේ ආසියානු කලාපයේ වැඩිම පිරිසක් නැරඹූ කොරියානු නිර්මාණය බවට පත්වුණා. කතාවේ ප්රධාන චරිත දෙක වන කිතේ සහ ගියොන්-යොන්ග් අතර පවතින දරුණු ගැටුමේ අවසානය මේ දෙවන සමයෙන් බලාගන්න පුළුවන්.
මෙම කතා මාලාවේ දෙවන සමය සැප්තැම්බර් 9 වැනිදා සිට විකාශය ආරම්භ කරන අතර, එදිනම කථාංග දෙකක් නිකුත් කිරීමට නියමිතයි. ඉන්පසුව සැප්තැම්බර් 23 දක්වා සෑම සතියකම නව කථාංග දෙක බැගින් නිකුත් කෙරෙනවා. මුළුමනින්ම කථාංග හයකින් සමන්විත මෙම අවසන් සමය, පළමු සමයේ සිදුවීම්වලින් වසර නවයකට පසු සිදුවන දේවල් පාදක කරගෙන නිර්මාණය කර තිබෙනවා. දූෂිත දේශපාලනය සහ අපරාධ ලෝකය අතර දෝලනය වන මෙම කතාවේ අධ්යක්ෂණය වූ මින්හෝ සහ තිර රචනය පාක් යුන්ක්යෝ විසින් සිදුකරනවා.
පළමු සමයේදී හියුන් බින් සහ ජුන්ග් වූසුන්ග්ගේ රංගන කුසලතාවය සහ උසස් මට්ටමේ නිෂ්පාදන ගුණාත්මකභාවය නිසා මෙම කතා මාලාවට විශාල ප්රේක්ෂක ප්රතිචාරයක් ලැබුණා. මේ වන විටත් පළමු සමයේ කථාංග හයම ඩිස්නි ප්ලස් සහ හුලු (Hulu) හරහා නැරඹීමට අවස්ථාව තියෙනවා. කොරියානු කතා මාලා ලෝකය තුළ මේ වන විටත් විශාල පෙරළියක් කරමින් පවතින ඩිස්නි ප්ලස් ආයතනය, ඉදිරියේදී තවත් අලුත් නිර්මාණ රැසක් ප්රේක්ෂකයන් වෙත ගෙන ඒමට සැලසුම් කර තිබෙනවා.

Discussion & Feedback