මේ දිනවල ලෝකය පුරාම ඉහළම ජනප්රියත්වයක් ලබාගෙන තියෙන ඩිස්නි ප්ලස් (Disney+) සේවාවේ වැඩිම පිරිසක් නරඹන සිනමාපට මාලාව බවට ‘සූටෝපියා’ (Zootopia) පත්වෙලා තියෙනවා. 2026 වසරේ මුල් මාස හය තුළදී පමණක් මෙම සිනමාපට සඳහා බිලියන 9.8කට අධික නැරඹුම් මිනිත්තු ප්රමාණයක් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම ‘සූටෝපියා 2’ චිත්රපටය පසුගිය මාර්තු මාසයේදී ප්රදර්ශනය ආරම්භ කළත්, එය මේ වසරේ වැඩිම පිරිසක් නැරඹූ චිත්රපටය බවට පත්වීම ඇත්තටම පුදුම හිතෙන කාරණයක්. මේ සාර්ථකත්වය නිසාම ඩිස්නි ආයතනය විසින් ‘සූටෝපියා 3’ චිත්රපටයත් නිෂ්පාදනය කරන බව නිල වශයෙන් ප්රකාශ කරලා තියෙනවා.
මෙම තුන්වන චිත්රපටයේදී ජූඩි හොප්ස්, නික් වයිල්ඩ් සහ ගැරී ද ස්නේක් වැනි ප්රියතම චරිත නැවතත් අපිට දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම දෙවන චිත්රපටයේ අවසානයේ තිබූ කුතුහලය දනවන දර්ශනවලට පිළිතුරු ලබා දෙමින්, අලුත් චරිත ලෙස කුරුල්ලන්වද කතාවට එකතු කරගන්නා බවයි ආරංචි වෙන්නේ. දැනටමත් බිලියන 1.8ක ආදායමක් උපයා ගනිමින් ඉතිහාසයේ සාර්ථකම සජීවීකරණ චිත්රපටය බවට පත්වෙලා තියෙන සූටෝපියා, ඉදිරියේදී එන තුන්වන කොටසින් තවත් වාර්තා තබාවි කියලා තමයි රසිකයන් බලාපොරොත්තු වෙන්නේ. තවමත් නිශ්චිත දිනයක් ප්රකාශ කර නොතිබුණත්, මේ සිනමාපට මාලාව ඩිස්නි ආයතනයට විශාල වටිනාකමක් එක් කරමින් ඉදිරියටම යන බව නම් පැහැදිලියි.

Discussion & Feedback