ලෝක ප්‍රකට ඩිස්නි සමාගම මේ වන විට ඔවුන්ගේ ඉතිහාසයේ පළමු වතාවට ප්‍රධාන තාක්ෂණික නිලධාරියා (CTO) ලෙස කරන්දීප් ආනන්ද්ව පත් කරගෙන තියෙනවා. මේ පත් කිරීම ගොඩක් දෙනෙක් පුදුමයට පත් කරපු දෙයක් වෙලා තියෙන්නේ, මොකද කරන්දීප් ආනන්ද් කලින් වැඩ කළේ ‘Character.AI’ කියන ආයතනයේ. විශේෂත්වය තමයි, මීට කලින් ඩිස්නි සමාගම විසින්ම මේ ආයතනයට විරුද්ධව නීතිමය පියවර අරගෙන තිබුණා. ඩිස්නි සමාගමේ ජනප්‍රිය චරිත ඔවුන්ගේ අවසරයකින් තොරව භාවිතා කරනවා කියලා චෝදනා කරමින් ඩිස්නි ආයතනය ඔවුන්ට අනතුරු ඇඟවීම් පවා නිකුත් කරලා තිබුණා.
Character.AI ආයතනය සම්බන්ධයෙන් තිබුණේ මේ චෝදනාව විතරක්ම නෙවෙයි. ඔවුන්ගේ චැට්බෝට් හරහා පරිශීලකයන්ව හානිකර ක්‍රියාවලට පෙළඹවීම් සිදු වුණා කියලත් බරපතළ චෝදනා එල්ල වෙලා තිබුණා. කොහොම වුණත්, ඩිස්නි සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී ජොෂ් ඩි’අමාරෝ මේ පත් කිරීම සිදු කරලා තියෙන්නේ ඩිස්නි සමාගම අනාගත තාක්ෂණයත් එක්ක ඉදිරියට ගෙනියන්න ඕන නිසා කියලා තමයි ආරංචි වෙන්නේ. මීට කලින් මයික්‍රොසොෆ්ට් සහ ෆේස්බුක් වැනි දැවැන්ත සමාගම්වලත් සේවය කරලා තියෙන ආනන්ද්, ඩිස්නි සමාගමේ තාක්ෂණික අංශය කොයි විදිහට වෙනස් කරයිද කියලා දැන් හැමෝම බලාගෙන ඉන්නවා.

Discussion & Feedback