ඇනසි ජාත්‍යන්තර සජීවීකරණ චිත්‍රපට උළෙලේදී ඩිස්නි සමාගම විසින් රසිකයන්ව පුදුමයට පත් කරමින් ඔවුන්ගේ අලුත්ම සිනමා නිර්මාණයක් වන ‘Hexed’ චිත්‍රපටයේ දර්ශන කිහිපයක් ප්‍රදර්ශනය කළා. මේ චිත්‍රපටය ගෙතෙන්නේ බිලී කියන අමුතුම විදියේ යොවුන් දැරියක් සහ ඇගේ දැඩි පාලනයක් ඇති මවක් වටායි. හදිසියේම බිලීට තමන් සතු මායා බලයන් ගැන දැනගන්න ලැබෙන අතර, ඇයව හෙක්ස් (Hexe) නම් අද්භූත ලෝකයකට රැගෙන යන දොරටුවකට ඇදී යන ආකාරය මේ දර්ශනවලින් දැකගන්න පුළුවන්. මේ චිත්‍රපටය නොවැම්බර් 25 වැනිදා තිරගත වීමට නියමිතයි.
මේ අතරතුර, 2002 වසරේ ජනප්‍රිය වූ ‘Lilo & Stitch’ චිත්‍රපටයේ ස්ටිච් චරිතය නැවතත් කරළියට ගෙන එමින් ‘Lilo & Scratch’ නමින් කෙටි චිත්‍රපටයක්ද ඩිස්නි විසින් හඳුන්වා දුන්නා. මෙහිදී ස්ටිච් සමඟ අලුත් බළල් චරිතයක් එකතු වෙනවා. විශේෂත්වය තමයි, මුල් චිත්‍රපටයේ ස්ටිච්ට හඬ කවාපු ක්‍රිස් සැන්ඩර්ස්ම මේ කෙටි චිත්‍රපටය සඳහාත් නැවත සම්බන්ධ වීම. මේ කෙටි චිත්‍රපටය ‘Hexed’ චිත්‍රපටය සමඟම සිනමාහල්වලදී නරඹන්නට රසිකයන්ට අවස්ථාව ලැබෙනවා. ඩිස්නි රසිකයන්ට නම් මේ ආරංචිය ඇත්තටම ලොකු සතුටක් ගෙන දෙන එකක් වේවි.

Discussion & Feedback