ඩිස්නි සමාගම තමන්ගේ තේමා උද්යානවල අලුත්ම වෙනස්කම් රැසක් D23 උත්සවයේදී ප්රකාශයට පත් කළා. විශේෂයෙන්ම කැලිෆෝනියා ඇඩ්වෙන්චර් උද්යානයේ ඇවෙන්ජර්ස් කැම්පස් එකට අලුතින්ම එකතු වෙන්න යන ‘ස්ටාර්ක් ෆ්ලයිට් ලැබ්’ සහ ‘ඇවෙන්ජර්ස් ඉන්ෆිනිටි ඩිෆෙන්ස්’ කියන රයිඩ්ස් දෙක රසිකයින් අතර ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. මේවායේදී රොබට් ඩව්නි ජූනියර්, ක්රිස් හෙම්ස්වර්ත් සහ ඇන්තනි මැකී වගේ ප්රසිද්ධ නළුවන්ගේ හඬ සහ රූපරාමු දකින්න ලැබෙනවා. ඒ වගේම 2028 වසරේදී මේවා විවෘත වෙන්න නියමිතයි. මේ අතර ‘කොකෝ’ චිත්රපටය පාදක කරගත් බෝට්ටු සවාරියක් සහ ‘ඇවටාර්’ ලෝකයත් ඩිස්නි උද්යානවලට එකතු වෙන්න නියමිත බව ඔවුන් සඳහන් කළා.
වෝල්ට් ඩිස්නි වර්ල්ඩ් එකේ ඉන්දියානා ජෝන්ස් රසිකයින්ටත් ලොකු පුදුමයක් තියෙනවා. ප්රථම වතාවට හැරිසන් ෆෝඩ්ව ආදර්ශයට ගනිමින් නිර්මාණය කරන ලද ඇනිමට්රොනික් රූපයක් සහිත නව රයිඩ් එකක් එහි ස්ථාපිත කරනවා. ඒ වගේම ‘එන්කැන්ටෝ’ චිත්රපටයේ එන ඇන්ටෝනියෝගේ කාමරය අත්විඳින්න පුළුවන් විශේෂ රයිඩ් එකකුත් නිර්මාණය වෙනවා. මේ හැමදේටම වඩා රසිකයින්ව උද්දාමයට පත් කරන්නේ ඩිස්නි විලන්ස්ලා වෙනුවෙන්ම වෙන් වුණු ‘විලන්ස් ලෑන්ඩ්’ එකයි. මැලිෆිසන්ට් සහ නපුරු රැජින වගේ චරිත කේන්ද්ර කරගෙන නිර්මාණය වන මේ අලුත්ම කොටස, ඩිස්නි උද්යානවල අත්දැකීම තවත් සුවිශේෂී එකක් කරාවි.

Discussion & Feedback