ලොව පුරා රසිකයන් නොඉවසිල්ලෙන් බලා සිටින අති දැවැන්ත කොරියානු කතා මාලාවක් වන ‘ද රීමැරීඩ් එම්ප්රස්’ (The Remarried Empress) නොවැම්බර් 4 වැනිදා සිට Disney+ හරහා විකාශය කිරීමට නියමිතයි. බිලියන 3කට අධික නැරඹුම් වාර ගණනක් ලබා ඇති ජනප්රිය Naver වෙබ්ටූන් කතා මාලාවක් ඇසුරින් නිර්මාණය වන මෙය, අධිරාජිනිය නේවියර් සහ ඇගේ සැමියා වන අධිරාජ්යයා සොවියේෂු අතර පවතින ආතතියෙන් පිරි විවාහ ජීවිතය වටා ගෙතී තිබෙනවා. අධිරාජ්යයා පලාගිය වහල් කාන්තාවක් සමඟ පෙමින් බැඳීමත් සමඟ ඔවුන්ගේ සම්බන්ධතාවය බිඳ වැටෙන ආකාරය මෙම කතා මාලාවෙන් ඉතා සංවේදීව දැකගන්න පුළුවන්.
මෙම කතා මාලාව සඳහා ප්රධාන චරිත ලෙස ෂින් මිනා, ජු ජිහූන්, ලී ජොන්ග්සුක් සහ ලී සෙයොන්ග් වැනි ජනප්රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙනවා. චෝ සුවොන් විසින් අධ්යක්ෂණය කරන ලද මෙම කතා මාලාවේ පළමු කොටස් තුන බුසාන් චිත්රපට උළෙලේදී විශේෂ දර්ශනයක් ලෙස ප්රදර්ශනය කිරීමට නියමිතයි. නොවැම්බර් 4 වැනිදා Disney+ හරහා පළමු කොටස් හතරම එකවර නිකුත් කරන අතර, ඉන්පසු සෑම බදාදා දිනකම නව කොටස් විකාශය වනු ඇති. නොවැම්බර් 25 වැනිදා මෙම කතා මාලාවේ අවසාන කොටස විකාශය වීමත් සමඟ කතාවේ අවසානය රසිකයන්ට දැකගන්න පුළුවන් වේවි. ඔබත් කොරියානු නාට්යවලට ආස කෙනෙක් නම් මේ අපූරු නිර්මාණය මග නොහැර බලන්න අමතක කරන්න එපා.

Discussion & Feedback